Green Tea පාවිච්චි කරනවා කිව්වට ඒකෙන් සිදුවන දේ පිළිබදව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ.GREEN TEA බිව්වම ඇත්තටම ගුණයක් තියෙනවද? - SLViki

Latest

Wednesday, February 8, 2017

Green Tea පාවිච්චි කරනවා කිව්වට ඒකෙන් සිදුවන දේ පිළිබදව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ.GREEN TEA බිව්වම ඇත්තටම ගුණයක් තියෙනවද?



අපේ බොහෝ කාන්තාවන් ඉතාමත් උනන්දුයි තමන්ගේ රූ සපුව ගැන.ඉතින් ඒ පිළිබදව කථා කරද්දී Green Tea ගැන කතා නොකරම බැහැ.සමහර කාන්තාවන් රූ සපුව පවත්වාගෙන යන්න Green Tea පාවිච්චි කරනවා කිව්වට ඒකෙන් සිදුවන දේ පිළිබදව බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ.අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන.
මේ Green Tea ලංකාවේ නිපදවන්නේ බොහොම සුළු වශයෙන්.විශාල වශයෙන් Green Tea නිෂ්පාදනය වෙන්නේ චීනය ,ජපානය ,ලාඕසය ,වියට්නාමය වැනි රටවලයි.නමුත් ඇමරිකාව ,බ්‍රිතාන්‍ය වැනි රටවල්ද මේ Green Tea නිෂ්පාදනය කෙරෙහි දැන් අවධානයක් දක්වමින් සිටිනවා.ඒ වගේම මුළු ලෝකයෙන්ම උසස්ම ප්‍රමිතියෙන් යුතු තේ කොළ නිෂ්පාදනය වන්නේ අපේ මේ පුංචි රටෙන.
ඒක අපේ මුළු රටටම ආඩම්බරයක් .අපි එදිනෙදා බීමට ගන්න සාමාන්‍ය තේකොළ හා Green Tea අතර තියෙන වෙනස තීරණය වෙන්නේ ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය මතයි .මෙහිදී සාමාන්‍ය තේ කොළ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේදී දුඹුරු පැහැයක් ගන්නා අතර ,Green Tea නිෂ්පාදනය අවසානයේ ,සාමාන්‍ය තේකොල නිෂ්පාදනයේදී සිදුවන පැසීමේ ක්‍රියාවලිය සිදුනොවන නිසා කොළ පැහැයක් ගනී .
හරිත තේ මගින් මනසට ඉහළ සුවයක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් හෙලි වී ඇත. මෙය මෙතෙක් සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළම උණුසුම් පානය ලෙස පිළිගෙන තිබිණි.විද්‍යාඥයින් පවසන්නේ හරිත තේ මගින් ඥානාත්මක ක්‍රියාවන් කීපයක්ම දියුණු න බවයි. විශේෂයෙන් අපගේ මතක ශක්තිය වර්ධනය කරණ බවද ඔවුහු පෙන්වා දී ඇත.

මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇත්තේ හරිත තේ ඩිමෙන්ෂියා නැමැති මතකය හීනවීමේ  ඇතුළු මානසික ව්‍යාකූලත්වයන්ට ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකි බවයි.බේසල් විශ්ව විද්‍යාලය මගින් කරණ ලද නවතම පර්යේෂණයකට අනුව පෙනී ගොස් ඇත්තේ හරිත තේ පානය මොළයේ සාධනීය සම්බන්ධතාවය ඉහළ දමන බවයි. මිනිසුන්ගේ ධාරණ ශක්තිය ඉහළ දැමීමට ද හරිත තේ පානය හේතුවන බවයි.
තේකොල වල කැටචින් නමැති රසායනික සංයෝගයක් අඩංගු වේ.මෙහිදී සාමාන්‍ය තේකොල නිෂ්පාදනයේදී එම තේකොල පැසීමකට ලක් කරන නිසා මෙම කැටචින් සංයෝගය ප්‍රමාණයෙන් අඩුවේ.නමුත් Green Tea එසේ නොකරන නිසා එම කැටචින් ප්‍රමාණය වැඩියෙන් අඩංගු වේ.
Green Tea වල ප්‍රධානම ගුණය වන්නේ ප්‍රති ඔක්සිකාරක ගුණයයි.මෙහිදී මෙම Green Tea වල වැඩි වශයෙන් අඩංගු කැටචින් වල මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි වශයෙන් පවතියි.මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය අප ශරීරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියා මඟින් ඇතිවන අහිතකර බලපෑම් අඩු කිරීමට බෙහෙවින් උපකාරී වේ.මේ නිසා යම් යම් රෝගාබාධ වලින් සුවයක් ලබාගැනීමට මෙම Green Tea ඉවහල් වේ.
දියවැඩියාව ,පිළිකා වැනි රෝගී තත්වයන් වැළදුණු අයට මෙහිදී දැඩි බලපෑමක් නොවන අතර ,රෝග වැලක්වීමට පෙර සූදානමක් ලෙස මෙම Green Tea භාවිතා කල හැකියි .එනම් සාමාන්‍ය තේකොල පානයට වඩා ගුණයක් Green Tea පානය කිරීමෙන් ලැබේ.
Green Tea ඔබ වෙළද පොලෙන් මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි .එනම් ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකුට මෙම Green Tea භාවිතා කල හැකිවුනත් ඒවා භාවිතා කරන යම් විදිමත් ක්‍රමයකට අනුව ඒවා භාවිතා කල යුතු වේ.මෙහිදී මතක තබා ගත යුතු කරුණක් නම් Green Tea භාවිතයේදී සිනි අවම වශයෙන් භාවිතා කල යුතු බවයි.

රුපලාවන්‍ය වශයෙන් මෙම Green Tea භාවිතය සුදුසු යැයි බොහෝ දෙනා පැවසුවද ඒවා පර්යේෂණ මඟින් තවමත් හරිහැටි සනාථ කර තිබේදැයි සැකයක් පවතියි .

හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?
මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.
මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.
ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.

හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?
හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.

නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.




No comments:

Post a Comment