ආප්ප හදන්න අලුත් තාච්චියක් පදම් කරගන්නේ කොහොමද?.... - SLViki

Latest

Tuesday, February 14, 2017

ආප්ප හදන්න අලුත් තාච්චියක් පදම් කරගන්නේ කොහොමද?....


නන්ස්ටික් ආප්ප තාච්චි ටියෙන අයට නම් මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ නමුත් ඇලුමිනියම් ආප්ප තාච්චිය එහෙම ලෙසියෙන් ගැලවෙනවා හොර නිසා කියල දෙන්න හිතුවේ. වැදගත්ම දේ තමයි ආප්ප හදන තාච්චිය වෙන කිසිම දෙයකට යොදාගන්න හොඳ නෑ. ඒකට හේතුව ආප්ප හදන්න හදන්න තමයි ඒක හොඳට් පදම් වෙන්නෙ. බිත්තර එහෙම බදින්න හොඳම නෑ.

පලවෙනි ක්‍රමය

මුලින්ම ගොරෝසු රෙදි කෑල්ලකින් පොට්ටනියක් අතේ අල්ල තරමට හදාගන්න. දවසේ උයලා ඉතිරිවුනු පොල්කුඩු සියල්ලත් ඕනෙ. ඉන්පසු පොට්ටනියෙන් තාච්චියේ හොඳින් පොල්තෙල් ගාලා දුම් දමන තුරු රත්කරන්න. හොඳට දුම් දමනතුරු රත් උනාට පස්සෙ තාච්චිය ලිපෙන් අයින් කරලා තත්පර 10-15ක් සිසිල් කරන්න. නැවත හොඳින් තෙල් අතුල්ලන්න. නැවතත් දුම් දමන තුරු හොඳින් රත්කර මෙම ක්‍රියාවලිය විනාඩි 10ක් පමණ කරන්න.
ඉන්පසු තාච්චියෙන් අඩක් පමණ පොල්කුඩු පුරවා හොඳින් රත්කරන ගමන් හැන්දකින් රවුම් අකාරයට පොල්කුඩු කලවම් කරන්න. පොල්කුඩු දුඹුරු පැහැගන්වනතුරු එසේ කරන්න. නැවතත් අලුත් පොල්කුඩු දමා පෙර ආකාරයටම අඩුම වශයෙන් පැය භාගයක්වත් පදම් කරන්න.
එසේ කල පසු නැවතත් පොල්තෙල් හොඳින් තවරා පෙර පරිදිම තුන් හතර වතාවක් කරන්න. දැන් ඔබේ තාච්චිය ආප්ප සෑදීම සඳහා සූදානම්. හැන්දෙන් එක වරක් තාච්චියේ ගැට්ටට පහර දුන්විට ආප්පය නිකන්ම ගැලවේවි.

දෙවනි ක්‍රමය

අපි කරන්න ඔනි ගොරකා ටිකක් අරගෙන තාච්චියට දාලා වතුර දාලා හොදට තම්බා ගන්න එක. ඊට පස්සෙ තැම්බුනු ගොරකා ටික තාච්චියේ හොදින් අතුල්ලන්න. ඊට පස්සේ පිරිසිදු වතුරෙන් සෝදලා තෙල් ටිකක් ගාලා පදම් වෙන්න තියන්න.
එහෙම නැත්නම් එහෙම ගන්න තාච්චිය රත් කරලා බාගෙට කැපුව ලොකු ළුණු ගෙඩියක් අතුල්ලලා සකස් කරගත්තාම අඩිය අල්ලනවා අඩුයි.
එහෙමත් නැත්නම් වෙනම තෙල් පීරිසියක් වගේම ඒ තෙල් තාච්චියේ ආලේප කරන්න පොඩි රෙදි පොට්ටනියක් තිය ගන්න පුලුවන්...
ලිපිය උපුටා ගත්තේ iwumpihum


No comments:

Post a Comment