රසවත් මැලේ අච්චාරුවක් හදාගන්න පහසුම ක්‍රමය - SLViki

Latest

Thursday, February 9, 2017

රසවත් මැලේ අච්චාරුවක් හදාගන්න පහසුම ක්‍රමය


අවශ්‍ය ද්‍රව්‍ය

  • රටඉඳි 200g
  • රතුලූනු 150g
  • කැරට් 100g
  • මාළුමිරිස් 150g
  • හොඳින් පැසුණු ඇඹ‍රැල්ලා ගෙඩියක්
  • කුඩා අන්නාසි ගෙඩියක්
  • අඹරාගත් සුදුළූණු බික් 8
  • ඉඟුරු කැබැල්ලක්
  • මිරිස් කුඩු මේස හැඳි 2
  • විනාකිරි කෝප්ප 1/2
  • අඹරාගත් අබ මේස හැඳි 1
  • සීනි මේස හැඳි 4
  • අවශ්‍ය පමණ ලුණු
සාදන ක්‍රමය

  • රටඉඳි වල ගෙඩි 5-6 ක ඇට හැර කුඩාවට කපන්න.
  • ඉතිරි ටික ඇට හැර අඹරා ගන්න.
  • මෙය මැටි බඳුනකට දමා එයට විනාකිරි කෝප්ප 1/2 ක් වතුර කෝප්ප 1/4 ක්, අඹරාගත් අබ , ඉඟුරු , සුදුළූණු , ලුණු මිරිස් කුඩු , සීනි දමා තරමක් උකු සෝස් එකක් වන ලෙස උණුකර ගන්න.
  • මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට කපාගත් කැරට් , මාළුමිරිස් , අන්නාසි අඹ‍රැල්ල , රටඉඳි එකතු කර ගන්න.
  • මෙහිදි කපාගත් රටඉඳි වෙනුවට වියළි මිදි එකතු කිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍රකර වසා දිනක් පමණ තිබෙන්නට හැර කෑමට ගන්න.




No comments:

Post a Comment