මේ මාළු කරි එක්ක කිරිබත් කන්න එවගෙම උදෙට බත් ගෙනියන අයට රැට හදලා තියාගන්න පුලුවන්. කෙසෙල් කොලේ බත් එකට මේ මාළු කරියෙන් ටිකක් තියලා ගෙනියන්න ඔෆිස් එකට හැමොම අසාවෙන් කාවි. කැකුළුබත් එක්ක තමයි ගොඩක් රස. මේකේ රස ගොඩක්ම ඇඹුල් තියල් වගේ. බලන්නකෝ හදන විදිහ.
අවශ්‍ය දේවල්
අමු තුනපහ කුඩු
නොබැදපු මිරිස්කුඩු
තුනපහ
ගම්බිරිස් කුඩු
ගොරකා පෙස්ට් ස්වල්පයක්
ෆිශ් සොස් ස්වල්පයක්
ලුනුකුඩු
වතුර ටිකක්
සුදුලුනු
අමුමිරිස්
කරංපිචා, රම්ප
එනසාල් ගෙඩ් තුනක් විතර
කුරුදුපොතු කැබල්ලක්
තෙල්
සාදාගන්නා ආකාරය
ඉස්සෙල්ලාම පැන් එකක් අරන් අමු තුනපහා කුඩු මේස හැදි එකහාමරක් පැන් එකට දාමාගන්න.
දැන් හිමින් හිමින් තුනපහ කුඩුටික බැදෙන්න දේන්න කලු කරන්න එපා යන්තන් දුඹුරු වෙන්නකොට එයටම නොබැදපු මිරිස්කුඩු මේස හැදි එකහාමරක් දාමාගන්න.
එයත් බදින්න.
තුනපහ එක්ක දැන් ගම්බිරිස් කුඩු මේස හැන්දක් එකතුකර ලිප නිවන්න.
දැන් බැදගත් තුනපහ මිශ්‍රණය බදුනකට දාමාගන්න.
දැන් එයට ගොරකා පෙස්ට් ස්වල්පයක් එකතු කරන්න, ෆිශ් සොස් ස්වල්පයක් එකතු කරන්න මේස හැන්දක් වගේ (අවශ්‍යම නැ හැබැයි ෆිශ් සොස්)
ලුනුකුඩු ස්වල්පයක් දාමා ගන්න දැන් වතුර ටිකක් දාමා මේක පෙස්ට් එකක් වගේ අනා ගන්න
දැන් මැට් වලදක් අර සාදාගත් පෙස්ට් එක වලදට දාමාගන්න දැන් මාළු පෙති අතුරාගන්න.
වතුර මදිනම් මාළු තැම්බෙන්න තව වතුර දාමාගන්න.
දැන් සුදුලුනු දිග අතට කපා ගන්න අමුමිරිස් දෙකට පාලාගන්න. කරංපිචා, රම්ප, එනසාල් ගෙඩ් තුනක් විතර කුරුදුපොතු කැබල්ලක් මේ සෙරම දාගන්න මාළු එකට.
දැන් තෙල් මේස හැන්දක් මාළු එකට උඩින් දාමාගන්න.
දැන් ලිපෙ තියලා හොදින් නටවන්න.හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ!
වැදගත්:
ගොරකා පෙස්ට් නැත්නම් ගොරකා කැබලි එකතු කර ගන්න පුලුවන්...
No comments:
Post a Comment