කොළ ඇපල් තෙම්පරාදුවක් - SLViki

Latest

Friday, February 10, 2017

කොළ ඇපල් තෙම්පරාදුවක්



ඔන්න යාලුවනේ අදත් ඔයාලත් එක්ක බෙදාගන්න මගේ ගෙදර හදපු කොළ ඇපල් තෙම්පරාදුවක් අරන් ආවා. හරිම ලෙහෙසියි වගේම රස අතිනුත් ඉහලයි. අඹ ,අබරල්ලා අපිට ඉතින් හොයාගන්න හරිම අමාරු උනත් කොළ ඇපල් නම් ගන්න තියෙන නිසා මම නිතරම චට්නි , වගේම උයන්නත් ,අච්චාරු වලටත් තෙම්පරාදුවටත් වැඩිපුරම ගන්නේ කොළ ඇපල්.හරිම රසයි.

අවශ්‍ය ද්‍රව්‍ය 

ලොකු කොළ ඇපල් ගෙඩි 1 (2 serving)

මිරිස් කුඩු මේස හැඳි 3/4

කහ කුඩු ටිකක්

අමු තුනපහ කුඩු මේස හැඳි 3/4

කෑලි මිරිස් ටිකක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 පමණ

චොප් කරගත් සුදුලුනු මේස හැඳි 1

චොප් කරගත් ඉඟුරු මේස හැඳි 3/4 පමණ

කරපිංචා ටිකක්

රම්පෙ කැබැල්ලක්

කුරුඳු පොතු 2 පමණ

ලුනු සහ සීනි රස පරිදි

අබ ඇට ටිකක්

සාදන ක්‍රමය

මුලින්ම ලුනු වතුරේ දමා ඇපල් ගෙඩියේ හොඳට සෝදා ගන්න.ලුනු වතුරේ දැම්මම ඇපල් වගේ ඒවාට ගහන බෙහෙත් වර්ග වල විෂ විනාශ වෙලා යනවා කියනවා. ඉතින් නිතරම පලතුරු වල පිට පොත්ත සමග වගේම එළවලු කොළ ජාති හොඳට ලුනු වතුරේ දාල හොදලම ගන්න.ඒ වගේම කියන්න ඕනේ ලුනු ගන්නකොට sea salt ඒ කියන්නේ ලංකාවේ වැඩි පුර පාවිච්චි කරන මුහුදු වතුරෙන් හදන ලුනු තමයි පාවිච්චි කරන්න ඕනේ. මොකද දැන් දැන් එක එක විදියට ලුනු වර්ග නම් කරලා වෙළෙඳ පොලේ දකින්න ලැබෙන නිසා. උදාහරණයක් විදියට කිවුවොත් කුකිං සෝල්ට් කියල එහෙමත් වෙළෙඳ පොලේ දකින්න තියෙන නිසා පොඩ්ඩක් මෙහෙම ලිවුවා.

ඊටපස්සේ ඉතින් හොඳට සෝදාගත් මෙන්න මේ ඇපල් ගෙඩිය තීරු ආකාරයට කපලා මැද තියෙන ඇටත් ඉවත් කරගෙන සාස්‌ පාන් එකකට තෙල් ටිකක දාල රත් වෙන්න තියලා අබ ටිකක් දාල පිපිරෙන්න තියලා චොප් කරගත් ඉඟුරු ,සුදුලුනු කරපිංචා දාල රන්වන් පාටට බැදෙන්න තියලා කහ කුඩු ටිකක් දාන්න.ඒත් එක්කම කපාගත් ඇපල් ටික දාල හොඳට කවලම් කරන ගමන් ලුනු ටිකක් ද එකතු කරන්න.

දැන් ඒකටම මිරිස් කුඩු ටිකක් දාල විනාඩි 2 වගේ කවලම් කරලා අමු තුනපහ කෑලි මිරිස් කුඩු ටිකක් රම්පෙ , කුරුඳු දාල ගම්මිරිස් ටිකකුත් දාල වතුර මේස හැඳි 2 වගේ ඉහලම පියනකින් වහලා තැම්බෙන්න හරින්න.ටිකක් වෙලා තම්බුනාට පස්සේ සීනි ටිකකුත් කවලම් කරලා නැවත පිට පොත්ත සමඟ ඇපල් වල මදය හොඳින් තැම්බෙන්න තියලා රස පරිදි නැවත අවශ්‍ය නම් සීනි ලුනු එකතු කරලා කවලම් කරලම මේසෙට යවන්න තියෙන්නේ.හරිම රසයි වගේම සුවඳයි.හදලම බලන්න..


No comments:

Post a Comment