නාන් හදමු .. - SLViki

Latest

Friday, February 10, 2017

නාන් හදමු ..


ආහාර වට්ටෝරු සහ ආහාර පිලියෙල කිරීමේ රස රහස් දැන ගැනීමට අප හා එක් වන්න...

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි 500g
මුදවපු කිරි මේසහැදි 3-4ක්
යිස්ට් තේහැදි 1 ක්
බේකින් පවුඩර් තේහැදි 1 හෝ 1 1/2ක්
රස අනුව ලුණු
පිටි කිරි තේ කෝප්ප 1/2ක්

සාදන ක්‍රමය

මුලින් පිටි එකට සියල්ලම දමා හොදින් මිශ්‍ර කරන්න.ඉන් පසු එකට මද රස්නේ වතුර ටික ටික දමමින් අතේ ඇලවෙන පදමට පිටි මිශ්‍රණය හදා ගන්න.
දැන් මේ මිශ්‍රනය පැය 2-3 තෙත රෙද්දකින් වසා පිපෙන්න තියන්න.ඉන් පසු
පැය 2-3 කට පස්සෙ පිටි මිශ්‍රනය හොදට සොප්ට් වෙලා පිපිලා තියෙනවා.
පසු අතේ පාන් පිටි තවරා කැමති සයිස් එකට බෝල හදා ගන්න.
පසු පාන් පිටි ඉස ගත් ලැල්ලක පිටි ගුලියක් තියා දිග හැඩයට හොදින් තුනි කරන්න.
පසු හොදින් රත් වු රොටි තැටියක දමා දෙපැත්තම හොදින් පුලුස්සා ගන්න.
පසු නාන් එක ලිපෙන් ඉවතට අරගෙන බ්‍රෂ් එකකින් බටර් ගා ගන්න...


No comments:

Post a Comment