ගස්ලබු මිල්ක් පුඩින් ... - SLViki

Latest

Saturday, February 11, 2017

ගස්ලබු මිල්ක් පුඩින් ...


ගස් ලබු වලින් මිල්ක් පුඩින් හදල තියනවද??? නෑ නේද?? මෙන්න ක්‍රමය හරිම පහසුයි ඉක්මන්.ඒ වගේම රසයි...

අවශ්‍ය ද්‍රව්‍ය 

කිරි කප් 2 1/2

බිත්තර 3ක්

සුදු සුනී 130g

ජෙලටින් 28g

ගස්ලබු ( papaya) කෝප්ප 1/2

වැනිලා තේ හැදි 1

සාදාගන්නා ක්‍රමය.

1. පළමුව බදුනක් ගෙන එය රත් කර කිරි එකතු කර මදගින්නේ රත් කර ගන්න.හොදින් රත් වූ පසු ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා නිමෙන්න හරින්න.

2. වෙනත් බාජන 2ක් ගෙන එයින් එක් භාජනයකට බිත්තර කහ මදය හා අනික් භාජනයට බිත්තර සුදු මදය එකතු කර වෙන වෙනම හොදින් කවලම්(WHISKS) කරන්න.

3. බිත්තර කහ මදය ඇති භාජනයට සිනි එකතු කර හොදින් කවලම් කරන්න.

4.තවත් භාජනයක් ගෙන එයට ජෙලටින් දා උණු වතුර සමග කවලම් කර කිරි මිශ්‍රණයට එක් කර ගන්න.පසු කවලම් කරගත් බිත්තර සුදු මද දමා කිරි මිශ්‍රණයට එක් කර කවලම් කර ගන්න..

5.ගස්ලබු තලපය හා වැනිලා කිරි මිශ්‍රණයට එක් කර හොදින් කවලම් කරන්න.ඉන් පසු ඔබ කැමති කෝප්ප හෝ වෙනත් භාජනයකට එම මිශ්‍රණය දමා ශිතකරනයක පැයක් පමණ තබන්න.ඉතා රසවත් අතුරු පසක් ඔබට බුක්ති විදිය හැකිය.

වැදගත් කරුණු

කවලම් කරන විට වික්ස් (WHISKS) 1ක් භාවිතා කිරීම සුදුසු ය
හොදට ඉදුණු ගස්ලබු බාවිතා කරන්න.ගස්ලබු තලපයක් වනතෙක් පොඩි කර හෝ අබරාගන්න .
ජෙලටින් දිය කරන විට අනිවාරයෙන්ම උණු වතුර භාවිතා කරන්න..


No comments:

Post a Comment