මුහුණේ කැළැල් හා විශාල වූ අවලස්සන විවර මකා දමන බෙහෙත් වට්ටෝරු 5ක් ... - SLViki

Latest

Tuesday, February 7, 2017

මුහුණේ කැළැල් හා විශාල වූ අවලස්සන විවර මකා දමන බෙහෙත් වට්ටෝරු 5ක් ...


තෙල් ගතිය වැඩි සමක් තියෙන අයගේ මුහුණු වල කැළැල් හා විවරමය ස්වභාවය පැහැදිලිව අනිත් අයට පෙන ගතිය වැඩියි. තම මුහුණේ අවලස්සන ගතිය නිසා එවැනි අය සිටින්නේ ගොඩක් ලොකු මානසික පීඩාවකින්. මෙම කැළැල් මකා දමා මුහුණේ ඇති විශාල විවර ගතිය නැති කිරීමට නම් සම සුවපත් කර සමේ ඇදෙන සුළු භාවය වැඩි කරන්න ඕනේ. ඒ සදහා වෙළඳ පොලේ කොතෙකුත් කෘතීම නිෂ්පාදන දකින්නට ලැබුනත් ඒවායින් කියන තරම් සාර්ථක ප‍්‍රතිපල අත් වෙන්නේ නෑ. නමුත් බිය වන්න එපා. මෙම ප‍්‍රශ්නයට සාර්ථක ලෙස විසදුමක් ලබා දෙන ස්වාභාවික බෙහෙත් වට්ටෝරු කීපයක් ගැන අද අපි ඔබව දැනුවත් කරන්නම්.

බේකින් සෝඩා සමග ජලය

ගොඩක් දෙනා බෙිකින් සෝඩා සමට හානිකරයි කියලා මුහුණේ ගල්වන්න බයයි. නමුත් ඔබ නොදැන සිටියට ලොව පුරා බොහෝ කාන්තාවන් සම මත මැරුණු ෙසෙල ඉවත් කර ගැනීමට, ඇදෙන සුළු බව වැඩි කිරීමට හා සම පැහැපත් කර ගැනීමට බේකින් සෝඩා ආලේප කරනවා.

වතුර කොටස් දෙකකට බේකින් සෝඩා කොටස් එකක් මිශ‍්‍ර කර ගන්න. ආලේප කිරීමට හැකි වන ආකාරයේ මිශ‍්‍රණයක් සකස් කර ගෙන මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා ඉවත් කර ගන්න. සතියකට 3-4 පාරක් කිරීම ප‍්‍රමාණවත්

දෙහි, පිපිඤ්ඤා හා රෝස වතුර

පිපිඤ්ඤා පෙති දෙක තුනක මදය සුරා ගෙන එයට දෙහි යුෂ බින්දු 4-5 ක් එකතු කර ගන්න. රෝස වතුර මේස හැන්දක ප‍්‍රමාණයක් එකතු කර සියල්ල හොදින් කලවම් කර ගන්න. මේ සියල්ල පිරිසිදු රෙදි කඩක බැද පොට්ටනියක් සකස් කර ගන්න. මෙම පොට්ටනිය යොදා ගෙන මුහුණ හොදින් විනාඩි 10 ක් පමණ සම්බාහනය කරන්න. පසුව මුහුණ සිසිල් ජලයෙන් මුහුණ සෝදා දමන්න

බිත්තර සුදු මද හා දෙහි

බිත්තර සුදු මද 2ක් මතට දෙහි යුෂ බින්දු කීපයක් එකතු කර ගන්න. හොදින් මිශ‍්‍ර කර මුහුණේ ආලේප කරන්න. ආලේපනය හොදින් මුහුණ මත වියලූනු පසු සිසිල් ජලයෙන් සෝදා ඉවත් කර ගන්න. මෙම සත්කාරය මගින් මුහුණේ කැළැල් හා විශාල විවර ගතිය මැකී යනවා සේම සමේ මැරුණු ෙසෙල ඉවත් කර අධික තෙල් ගතියද පාලනය කර දෙවි

තක්කාලි හා දෙහි

තක්කාලි ගෙඩි භාගයක මදය මිරිකා ගෙන එයට දෙහි යුෂ බින්දු කීපයක් එකතු කර පෙර පරිදිම මිශ‍්‍ර කර මුහුණේ ආලේප කර ගන්න. විනාඩි 15ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. තක්කාලි හා දෙහි වල ඇති අම්ල ගතිය නිසා සමේ තෙල් තට්ටුව හොදින් ඉවත් වේවි. ඒ වගේම සමේ ඇදෙන සුළු භාවය වර්ධනය කර කැළැල් හා විවර ගතියද නැති වී යාවි.

දෙහි හා අන්නාසි යුෂ

දෙහි ගෙඩි භාගයක මිරිකා ගත් යුෂ සමග අන්නාසි යුෂ කෝප්ප භාගයක් මිශ‍්‍ර කර ගන්න. ඉන්පසු පිරිසිඩු රෙදි කඩක් ගෙන එය මෙම මිශ‍්‍රණයේ හොදින් පොගවා ගෙන මුහුණ මත එලා ගන්න. මෙම රෙදි කඩ විනාඩි 15ක් පමණ මුහුණ මත තබාගෙන සිටිය යුතුයි. පසුව සිසිල් ජලයෙන් සෝදා හරීන්න. අන්නාසි තුල සම ඇතුළතින් හොදින් පිරිසුදු කරන හා සමේ ඇදෙන සුළු භාවය වැඩි කරන එන්සයිම අඩංගු වෙනවා. දෙහි තුල අඩංගු ස්වාභාවික බ්ලිචින් ගුණාංගය හා එක් වූ කල මෙම මිශ‍්‍රනය ඔබේ මුහුණේ තෙල් ගතිය, කැළැල් හා විශාල වූ අවලස්සන විවරමය ස්වාභාවය සදහටම නැති කර දමාවි..


No comments:

Post a Comment