google ලගේ අලුත්ම mobile operating system එක ගැන දන්නවද? - SLViki

Latest

Sunday, June 4, 2017

google ලගේ අලුත්ම mobile operating system එක ගැන දන්නවද?


දින කිහිපයකට කලින් google ලා එයාලගේ අලුත්ම mobile operating system එකේ developer preview එක release කළා. මේක දැනට නම් කරලා තියෙන්නේ "android o" කියන නමින්. එත් ඉස්සරහට බොහෝ දුරට මේ නම වෙනස් වෙන්න පුළුවන්.

මේ operating system එක design  කරලා තියෙන්නේ ස්මාර්ට් phone එකේ බැටරි life එක වැඩි වෙන්නත් performance වැඩි වෙන විදිහටයි.

මේ operating system එකේ sound quality එකේ video quality එකේ සහ භාවිතා වෙන device එකේ connectivity එක වැඩි වෙන විදිහට ලොකු වැඩිදියුණු කිරීමක් කරලා තියෙනවා.මැයි මාසේ තිබ්බ google I/O ඉවෙන්ට් එකේදී මේ ගැන google ලා හදුන්වල දීල තියෙනවා.

මේ වීඩියෝව බලන්න මේ වීඩියෝව youtube සමාජ ජාලයේ ප්‍රසිද්ධ youtube channel එකක් වන android authority කියන channel එකේ පල වුන වීඩියෝවක්.ඔවුන් මේ වීඩියෝවේ අලුත් operating system එකේ  features කිහිපයක් ගැන අදහස් දක්වල තියෙනවා.




අපි බලමු මේ අලුත් OS එකේ තියෙන features මොනවද කියල.

1. වැඩිදියුණු කල බැටරි life එක

android o අලුත් os එකේ තියන හොදම features එක වගේම හුග දෙනෙක් බලාපොරොත්තු වෙන feature එකත් මේක තමයි. හරියට apple ලගේ ios එකේ වගේම background එකේ run වෙන apps limit කරලා සහ manage කරලා apps ගොඩක් එක පාර run වෙන ගමන් බැටරිය ඉතුරු කරලා දෙන්න මේ අලුත් os එකට පුළුවන්.

2. notification channels

android os වල තිබ්බ බලවත්ම feature එකක් තමයි මේ notification feature එක. ඉතින් මේ අලුත් os එකත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ notification සේරම channel වලට ග්group කරන්න. ඒ කියන්නේ එතකොට ඔයාට පුළුවන් ඔයාගේ news apps වලින් එන notification හැම එකක්ම news කියල group එකක් හදල එකෙන් manage කරන්න.

3. snooze notifications

මේ අලුත් os එකේදී ඔයාට පුළුවන් මොකක් හරි app එකකින් එන notifications විනාඩි 15,30 නැත්නම් 60 කට වගේ කාලයකට snooze කරලා තියෙන්න. ඒ කියන්නේ ඒ කාලය ඇතුලත ඔයාට notification ඒ app එකෙන් එන්නේ නැහැ.

4. picture in picture

මේ picture in picture කියන feature එක ඔයා ipad එකේදී දැකල ඇති. එත් හරියට මේක mobile phone එකක වැඩ කරන්න තාම හදල නැහැ. එත් අලුත් android o os එකත් එක්ක මේ feature එක එනවා. එතකොට ඔයාට පුළුවන් වීඩියෝ එකක් බලන ගමන් වෙන app එකකින් වැඩ කරන්නත්. එත් මේ feature එක එන්නේ limited apps කිහිපයකට විතරක් කියලයි ආරංචිය.

5. lock screen shortcuts

android nougat එකේ ඔයාල දැකල ඇති lock screen එකේ කෙලින්ම google assistant එකට යන්න icon එකකුයි. camera එක access කරන්න icon එකකුයි තියෙනවා. ඒ වගේ මේ අලුත් os එකේ මේ lock screen එකට තවත් app එකතු කර ගැනීමේ පහසුකම තියෙනවා.

6. Autofill system wide

ඔයා password manager app එකක් use කරනවා නම්, android o එකේ තියෙන මේ autofill තාක්ෂණ මගින් ඔයාට පුළුවන් පහසුවෙන් සහ ආරක්ෂාකාරීව device එකේ ඕනෙම තැනක ඉඳන් ඒ password manager app එක access කරන්න. ඔයාට තීරණය කරන්න පුලුවන් මොන password manager app එකද password manage කරන්න use කරන්නේ කියලත්. ඒක නිකන් හරියට අපේ කැමැත්තෙ හැටියට එක එක app එකේ use කරන keyboard එක මොකද්ද කියල අපිම තීරණය කරනවා වගේ.

7. wide -gamut color

 මොකද්ද මේ wide - gamut color කියන්නේ? ඔයාට දැන්ම නම් මේ ගැන වැඩිය තේරුම් ගන්න පුළුවන් වෙන එකක් නැහැ. නමුත් මේ feature එක දාල තියෙන්නේ අනාගතයේදී එන phone ගැන හිතල බලල. මොකද හිතන්නකෝ ඉස්සරහට දැන් තියෙන colors වලට වඩා හොද colors තියෙන display එකකින් phone එකක් අවොත් මේ feature එක නිසා ඒ වැඩිදියුණු උන තාක්ෂණයෙන් උපරිම පල ප්‍රයෝජන අපිට ගන්න පුළුවන්. හිතන්නකෝ එතකොට ෆොටෝ වල පාට කොහොම වෙයිද?

8. wifi bluetooth audio

ඔයාගේ phone එකට මේ feature එක නිසා wireless තාක්ෂණයෙන් ගුණාත්මක බවෙන් වැඩි audio සහ වීඩියෝ stream කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා පාවිච්චි කරන headphonne එක හරි headset එකට හරි ගැලපෙන විදිහට audio සහ වීඩියෝ මේ නිසා ලබා ගන්න පුළුවන්.

9. keyboard shortcuts
 
ඔයත් android tablet එකකින් keyboard එකක් use කරලා වැඩ කරන කෙනෙක් නම්, developer ලට support එකක් වෙන්න android o එකේ navigation සහ shortcuts පහසු කරන්න physical keyboard එකක් use කරන්න පුළුවන් වෙන්න හදල තියෙනවා. මේ නිසා chromebook එකට සහ android ලැප්ටොප් වලට හුගක් ප්‍රයෝජනවත් වේවි.

දැනට නම් තියන අලුත්features ඔය ටික තමයි. සමහරවිට release කරද්දී මේ os එකටතවත් features එකතු වෙන්න පුළුවන්.

ඔයාලත් මේ ගැන තවත් විස්තර දන්නවනම් පහලින් comment කරන්න. ඒ වගේම ඔයාට මොනවා හරි දැන ගන්න ඕනේ නම් ඒ ගැනත් පහලින් comment කරන්න. යාළුවන්ට බලන්න share කරන්න ඒ වගේම අපේ facebook page එකටත් like කරන්න.

Source: www.cnet.com


No comments:

Post a Comment