මේ අවුරුද්දේ කරලියට එන්න ඉන්න Samsung Galaxy Note 8 අලුත් flagship ස්මාර්ට් phone එක ගැන - SLViki

Latest

Sunday, June 4, 2017

මේ අවුරුද්දේ කරලියට එන්න ඉන්න Samsung Galaxy Note 8 අලුත් flagship ස්මාර්ට් phone එක ගැන



Samsung electronics කියල තියෙනවා මේ අවුරුද්දේ දෙවෙනි කාර්තුවේදි එයාල අලුත් flagship phone එකක් හදුන්වල දෙන්න යනව කියල. කලින් Samsung සමාගම වෙළදපොලට නිකුත් කරපු Galaxy Note7 එක අසාර්ථක වෙලා නැවත recall කරන්නත් උනානේ. ඉතින් මේ අලුත් phone එක හදුන්වල දෙන්න හදන්නේ ඒකෙ replace එකක් විදිහට.

මේ අලුතෙන් වෙළදපොලට හදුන්වල දෙන්න ඉන්න Note 8 එකත් සමාගමේ අලුත්ම phone දෙක වෙන S8 එක සහ S8+ එකේත් sales නිසා එයාලට apple සමාගමේ අලුතෙන් එළිදක්වන්න යන iphone එකට හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි කියන අභිප්‍රායෙන් තමයි එයාල මේ වැඩේ කරන්නේ. සාමාන්‍යයෙන් apple සමාගම එයාලගේ phone එලි දක්වන්නේ සැප්තැම්බර් මාසයේ." samsung සමාගම phone එළිදක්වන්නේ S series එකේ phone අවුරුද්දේ මුල භාගයේත් Note series එකේ phone අවුරුද්දේ දෙවන කාර්තුවෙත් විදිහටයි." මෙහෙම කියල තියෙන්නේ samsung සමාගමේ IDC Asia/Pasific එකේ client devices සදහා ඉන්න research manager කෙනෙක් වෙන Kiranjeet Kaur. ඇය තවදුරටත් කියල තියෙන්නේ samsung සමාගම ඔවුන්ගේ note 7 එක නිසා උන කැළල මකා ගන්න සහ පැනනැගුන ප්‍රශ්න අඩු කර ගන්න අලුත් phone series එකක් හදුවාදීමට තැත් කරයිද කියල හරියටම කියන්න බැරි බවයි. ඒ වගේම samsung සමාගම වෙනුවෙන් අදහස් දක්වන්නෙක් කියල තියෙනවා ඔවුන්ගේ අනාගත plans ගැන ඔහුට මොකුත් කියන්න බැහැ කියලත්. එත් samsung සමාගමේ mobile president වන DJ Koh මේ අවුරුද්දේ මුලදී හරියට Confirm කරලා තියෙනවා ඔවුන් මොනම මොහොතක හරි හැම අතින්ම හොද ආරක්ෂාකාරී අලුතම ආරයේ note 8 එකක් හදුන්වල දෙනවා කියල. ඒ වගේම samsung සමාගම කියල තියෙනවා එයාලගේ අලුත් phone දෙක s8 එක සහ s8+ එක කලින් වෙන් කරලා මිලදී ගන්න එක ඔවුන් ගිය අවුරුද්දේ මාර්තු මාසේ s7 එක සහ s7+ එක එළිදක්වපුහම කලින් order කරලා ගත්ත ගානට වඩා වැඩි වෙලා කියල.

S8 එකේ red-tinted screen කියල screen එක රතු පාට වෙන ප්‍රශ්නෙකුයි. wifi connectivity එකේ ප්‍රශ්නෙක්යි ආවත් samsung සමාගම එයට පිලියමක් විදිහට දැන් software fix එකක් release කරලා තියෙනවා.

samsung සමාගමේ ආදායම් වල අඩු වීමක් ඔවුන්ගේ S7 එක සහ S7+ එක නිසා වෙලා තියෙනවා. ඒ නිසා එයාලට ඒ දෙකේ price එකත් ටිකක් අඩු කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් phone වෙළදපොලට නිකුත් කිරීමත් සමග ඔවුන්ගේ sales වල වර්ධනයක් වෙයි කියල samsung සමාගම බලාපොරොත්තු වෙනවා.

හැබැයි ඉතින් ඒකටත් ලොකු තරගයක් දෙන්න apple සමාගම නිකුත් කරන්න ඉන්න අලුත් iphone එකත් ඉන්නවා. apple සමාගමේ 10 වෙනි සන්වත්සරේ නිසා ඔවුන් කරන්න ඉන්න ලොකු වෙනස ගැන දැනටමත් තාක්ෂණික ලෝකේ ලොකු කතාබහක් යනවා. ඉතින් ඒ ප්‍රසිද්දිය samsung සමාගමේ අලෙවියට හුගක් බලපාන්න ඉඩ තියෙනවා.

කොහොම උනත් ඉතින් පාරිභෝගියන් වන අපිට නම් ඉස්සරහට හොද හොද අලුත් අධි තාක්ෂණික ස්මාර්ට් phone වෙළදපොලට එන හැටි බලා ගන්න පුළුවන් වෙයි. මෙහම තරගයක් ඇති වෙන එක පාරිභෝගියන්ට එක අතකින් වාසි වෙන්නත් පුළුවන්.

ඉතින් මේ ලිපියෙන් ඔයාලට කියන්න තියෙන්නේ එච්චරයි. ඔයාල මේ ගැන තව මොනා හරි විස්තර දන්නවනම් හරි ඔයාලට මේකට එකතු කරන්න හරි දේවල් තියෙනවනම් හරි දැනගන්න දෙයක් තියෙනවනම් හරි පහලින් comment කරන්න. ඒ වගේම යාලුවන්ටත් බලන්න මේ ලිපිය share කරන්න. අන්තිමට කියන්න තියෙන්න  තාක්ෂණික ලෝකයේ අලුත් දේවල් දැන ගන්න අපේ page එකට like කරන්න share කරන්න comment කරන්න කියල තමයි.




No comments:

Post a Comment