දින 28න් බඩ අඩු කරලා නව මිනිසෙක් බිහි කරන විනාඩි 4න් කරන්න පුළුවන් සුපිරි ව්‍යායාමයක් - SLViki

Latest

Monday, May 15, 2017

දින 28න් බඩ අඩු කරලා නව මිනිසෙක් බිහි කරන විනාඩි 4න් කරන්න පුළුවන් සුපිරි ව්‍යායාමයක්


ඉදිරියට නෙරා ආපු බඩ අඩු කර ගන්න මීට පෙරත් සුපිරි විනාඩි 6 ව්‍යායාම් මාලාවක් ගැන කියල දුන්නා. අද කියල දෙන්න යන්නෙත් අන්න ඒ වගේ ඉතාම එලදායි ව්‍යායාමයක්. මෙතැනදී වැදගත් දේ වන්නේ ඔබට කිරීමට ඇත්තේ ව්‍යායාම් මාලාවක් නොව එකම  එක ව්‍යායාමයක් පමණක් වීමයි. ඒ වගේම මේ සදහා දිනකට වැය කල යුතු වන්නේ මිනිත්තු 4ක් පමණක් වීමත් ලොකු වාසියක්.

අපි කියලා දෙන විදියට එක් එක් දිනට කල යුතු නියමිත කාලයන් සම්පුර්ණකරමින් හරියටම දින 28ක් මේ ව්‍යායාමය කිරීම මගින් අනිවාර්යයෙන්ම ඔබට ඔබේ අවලස්සන ඉදිරියට නෙරා ආපු බඩ සම්පුර්ණයයෙන්ම නැති කර ගෙන ආකර්ශනිය දැකුම්කලූ සිරුරුක හිමිකරුවෙකු වෙන්න පුළුවන්.
දැනටමත් ලොව පුරා වෙසෙන මිනිසුන් මේ දින 28 තනි ව්‍යායාමයේ අභියෝගය භාර අරගෙන අතිශයන්ම සාර්ථකත්වයට පත් වෙලා තියෙනවා. මේ ව්‍යායාමය අප හදුන්වන්නේ planks නමින්. මෙමගින් ශරීරයේ මධ්‍ය ප‍්‍රදේශය ඉතා හොදින් වෙහෙසවා ටයර් ආකාරයෙන් බඩ වටා පිරි ඇති මේද තට්ටු ඉතාම ඉක්මනින් දිය කර හරිනවා. මේ ව්‍යායාමය කරන්න පටන් ගත්තම ඔබට හිතෙන්න පුළුවන් මේක මොන සරල ව්‍යයාමයක්ද කියලා. නමුත් මෙමගින් තම ශරීරයේ බරම යොදා ගනිමින් සිරුරේ විශාල මස් පිඩු ප‍්‍රමාණයකට බලපෑම් එල්ල කර මේදය දිය කර හරිනවා.
ඉහත පින්තුරය දෙස හොදින් බලන්න. වැලිමිටි වලින් හා පාදයේ ඇගිලි වලින් එසවෙමින් ශරීරය සමාන්තර රේඛාවක පවත්වා ගැනීමට උත්සාහ කරන්න.
පළමු දිනයේ සිට පහත දැක්වෙන කාලයන් මේ ඉරියව්වෙන් සිටීමට උත්සාහ කරන්න
1 දිනය තත්පර 20
2 දිනය තත්පර 20
3 දිනය තත්පර 30
4 දිනය තත්පර 30
5 දිනය තත්පර 40
6 දිනය විවේක දිනය
7 දිනය තත්පර 45
8 දිනය තත්පර 45
9 දිනය තත්පර 60
10 දිනය තත්පර 60
11 දිනය තත්පර 60
12 දිනය තත්පර 90
13 දිනය විවේක දිනය
14 දිනය තත්පර 90
15 දිනය තත්පර 90
16 දිනය තත්පර 120
17 දිනය තත්පර 120
18 දිනය තත්පර 150
19 දිනය විවේක දිනය
20 දිනය තත්පර 150
21 දිනය තත්පර 150
22 දිනය තත්පර 180
23 දිනය තත්පර 180
24 දිනය තත්පර 210
25 දිනය විවේක දිනය
26 දිනය –  තත්පර 210
27 දිනය තත්පර 240
28 දිනය ඔබට පුළුවන් තරම් වෙලා ව්‍යායාමය කරන්න.
ව්‍යායාම කිරීම කියන්නේ ශරිරයට වදයක් වෙන ආකාරයෙන් ගොඩක් වෙලාවක් ව්‍යායාම් කිරීම නොවෙයි. ශරීරයේ මස් පිඩු වලට කලානුරුපිව විවේකයන ලබා දෙමින් සරලව පටන් ගනිමින් ව්‍යායාමයේ බලවත් කම ටික ටික වැඩි කරමින් ශරීරයට ඇත්තම දැනෙන ලෙස ව්‍යායාම කිරීමයි අප කල යුතු වෙන්නේ. එවිට ඔබට ව්‍යායාම කිරීම එපා වෙන්නෙත් නෑ මේ ව්‍යායාම් මාලාව බඩ තියෙන අයට මේදය දහනය කර ගෙන බඩ අඩු කර ගන්නත් බඩ නැති කෙට්ටු අය හැමදාටම තම ශරීරයේ හැඩය පවත්වා ගැනීමටත් ඉවහල් වේවි.




No comments:

Post a Comment