මීට අවුරුදු 17කට කලින් ඒ කියන්නේ 2000 අවුරුද්දෙදී මුල්ම Nokia 3310 GSM මොබයිල් phone එක Nokia සමාගම විසින් වෙළදපොලට නිකුත් කළා. ඒ phone එක ලෝකේ පුරාම උණු කැවුම් වගේ විකුණුනා. කොච්චර හොදට විකිනුනාද කිව්වොත් ලොව පුරා phone මිලියන 126ක් විකිණිලා තියෙනවා. ඒ නිසාම එය ලෝකේ හොදටම සාර්ථක වුන phone අතරින් එකක් උනා. අදටත් මේ phone එකේ වෙලදපොලේ තියෙනවා. ඒ වගේම මේ phone එකට ලැබුණු ප්‍රසිද්ධිය නිසා අදටත් සමාජ ජාල වල සහ අන්තජාලය තුල මේ phone එක ගැන කතා වෙනව වගේම එක එක විහිලු සහගත පින්තූර මේ phone එක ගැන පල වෙනවා.
![]() |
Source: Wikipedia |
නමුත් කාලයත් එක්ක මේ මොබයිල් phone
ලොවේ දැවැන්තයෙක් උන Nokia
සමාගමට නම් හුගක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ උනා. එක් අවස්තාවකදී Nokia සමාගම Microsoft සමාගමට විකුනන්නත් සිද්ධ වුනා. නමුත් ඊට පස්සේ වෙළදපොලට ආපු phone හුගක් අසාර්ථක උනා. ඒ නිසා Nokia සමාගම අන්තිමට වැහෙන තත්වයටම පත් උනා. එත් ඔවුන් නැවතත් තාක්ෂණික ලෝකේ නැවතත් හිස ඔසවල තියෙනවා. ඔවුන්ගේ අලුත් ස්මාර්ට් phone කිහිපයක් වෙළදපොලට නිකුත් කිරීමත් සමග ඔවුන් ආයිමත් කරලියට ඇවිල්ල තියෙනවා.
![]() |
Source: Nokia |
ඉතින් මේ අවුරුද්දේ ඔවුන් ඔවුන්ගේ පැරණි ඇති සාර්ථක Nokia 3310 මොබයිල් phone එකේ වැඩිදියුණු කල ජංගම දුරකතනයක් මේ අවුරුද්දේ ඒ කියන්නේ 2017 දී වෙළදපොලට නිකුත් කළා. ඉතින් මේ ලිපියෙන් මම ඔයාලට අන්න ඒ දුරකථනය ගැන විස්තර ටිකක් කියන්නම්.
Nokia සමාගම මේ phone එක වෙළදපොලට නිකුත් කරද්දී ඔවුන්ගේ තේමාව කරගෙන තියෙන්නේ The Icon is Back කියන එක. ඒකට හේතුව මේක ඒ කාලේ මොබයිල් phone ලෝකේ iconic phone එකක් උන නිසයි.
ඉතින් මේ phone එකේ දැන් පෙනුම Nokia සමාගම කියන විදිහට නව සහ පැරණි දෙකේ එකතුවක් (Modern classic reimagined).
ඒ වගේම මේකේ බැටරිය standby මාසයක කාලයක්
පාවිච්චි කරන්න පුළුවන්ලු. තව ඔයාට තෝරාගන්න පාට 4කින් මේක වෙලදපොලේ තියෙනවා. ඒ
වගේම විශේෂයෙන්ම පරණ Nokia 3310 phone එකේ තිබ්බ classic
snake game
එක ඔන්න වැඩිදියුණු කරලා මේ phone එකෙත් තියෙනවා.
phone
එකේ design එක ගැන කතා කලොත් මේකට තියෙන්නේ පරණ phone එකේම වැඩිදියුණු කල වටකුරු
පෙන්මක්. ඒ වගේම වෙනමම නිර්මාණය කරපු අතුරු මුනුනත නිසා මේ දුරකතනයට පැරණි පෙනුමක්
ලැබිල තියෙනවා. ඒ වගේම දවල්ට උනත් හොදින් පේන්න මෙකට් තියෙන්නේ අගල් 2.4ක polarized
සහ
වක් උන screen එකක්.
මේ
phone එකේ බැටරිය ගැන කතා කොලොත්, මේ phone එකට තියෙන්නේ බැටරි බලය හුගක් කල්
පවතින බැටරියක්. ඔයාට මේ බැටරියෙන් දවස පුරාම කතා කර කර ඉන්න පුළුවන්. ඒ වගේම phone
එක standby තිබ්බොත් මාසයක් උනත් බැටරිය බහින්නේ නැතිව තියෙනවා. ආයි charge කරන්න
ඕනේ උනොත් ඒකට micro-USB port එකකුත් තියෙනවා.
මේ
snake game එක ඒ කාලේ හුගක් ජනප්‍රිය වෙච්ච game එකක්. ඉතින් ඒ game එකේ
වැඩිදියුණු කරපු කලර් screen එකකින් play කරන්න පුළුවන් වෙන්න පොඩ්ඩක් වැඩ කෑලි
එහෙම වැඩි කරලා ඔන්න මේ phone එකේ තියෙනවා. ඔයාට ඔයාගේ පරණ highscore එක පරද්දන්න
ඔන්න ආයි chance එකක් තියෙනවා.
ඔයාට
ගැලපෙන විදිහට තොර ගන්න ඔන්න පාට හතරකින් මේ phone එක ගන්න පුළුවන් warm red සහ
yellow පාට දෙකෙන් තියෙන දුරකථන වලට gloss finish එකකුත් දීල තියෙනවා. ඒ වගේම dark
blue සහ
grey පාට දෙකින් එන දුරකථන වලට matt finish එකක් දීල තියෙනවා. මේ පාට හතරින් ඔයාට
ගැලපෙනම පාට තෝරලා ගන්න පුළුවන්.
පරණ
phone එකත් එක්ක සසදල බලද්දී මේකේ පිටත සිදු වෙලා තියෙන වෙනස් කම් ගැන කතා කලොත්,
ලස්සන රවුම් පෙනුමක් තියෙන අතට පහසු push buttons ටිකක් තියෙනවා. ඒ වගේම මෙගා
පික්සල් දෙකක LED flash එකකුත් එක්ක කැමරාවකුත් එනවා. ඒ වගේම ඔයාට සින්දු අහන්න
head phone jack එකකුත් තියෙනවා, ඒ වගේම අගල් 2.4ක curved සහ polarized
ලේයර්
එකක් එක්ක තද ඉර එලියකදී උනත් හොදට පේන display එකක් තියෙනවා. ඒ වගේම මේ phone එක single sim සහ dual sim
විදිහට ගන්න පුළුවන්.
මේකේ අතුල සිද්ද වෙලා තියෙන වෙනස්කම් බැලුවොත්, call ගන්න සහ text කරන්න පුලුවන් වෙන්න 2G connectivity එක තියෙනවා. ඒ වගේම අලුත් අතුරු මුහුණතක් තියෙනවා. පැය 22ක කතා කාලයක් සමග අපූරු බැටරි life එකකුත් තියෙනවා. FM radio එකක් සහ MP3 Music player එකක් තියෙනවා. ඒ වගේම 16GB storage එකකුත් මේ phone එකට තියෙනවා. ඒ storage එක 32GB වෙනකන් mico SD වලින් වැඩි කර ගන්නත් පුළුවන්.
මේකේ අතුල සිද්ද වෙලා තියෙන වෙනස්කම් බැලුවොත්, call ගන්න සහ text කරන්න පුලුවන් වෙන්න 2G connectivity එක තියෙනවා. ඒ වගේම අලුත් අතුරු මුහුණතක් තියෙනවා. පැය 22ක කතා කාලයක් සමග අපූරු බැටරි life එකකුත් තියෙනවා. FM radio එකක් සහ MP3 Music player එකක් තියෙනවා. ඒ වගේම 16GB storage එකකුත් මේ phone එකට තියෙනවා. ඒ storage එක 32GB වෙනකන් mico SD වලින් වැඩි කර ගන්නත් පුළුවන්.
මේ
phone එකේ වාසි ගැන කතා කලොත්, මේකේ තියෙන නව සහ පැරණි අතරමැදි පෙනුම සහ twitter,
facebook පහසුකම් පෙන්වන්න පුළුවන්.
මේකේ
අවාසි මොනාද කියල බැලුවොත් ඉතින් කැමරාව නම් එච්චරම හොද තත්වයේ එකෙක් නෙවෙයි. ඒ
වගේම ඉතින් දැන් පාවිච්චි කරලා phone වල හැටියට මේක තියෙන්නේ හුගක් පහල තැනක.
Nokia 3310 එකේ නිල වීඩියෝව පහලින් බලන්න
ඉතින් මේ අලුත් Nokia 3310 එක ගැන තියෙන විස්තර නම් එච්චරයි. ලංකාවේ නම් මේක රුපියල් 9.500 ඉදන් රුපියල් 10,490 වගේ ගණන් වලින් වෙලදපොලේ තියෙනවා. ඉතින් ඔයාලටත් මේ phone එක ගැන කියන්න දෙයක් තියෙනවනම් පහල comment section එකේ comment එකක් දාන්න. ඔයාල මේ ගැන හිතන දේ හරි නැත්නම් ඔයාලට අලුතෙන් යමක් දැන ගන්න ඕනේ නම් හරි ඒ ගැනත් පහල comment section එකේ දාන්න. ඒ වගේම යාලුවන්ටත් බලන්න මේක share කරන්න. තව අපේ facebook පිටුවට like එකක් දාන්න. එතකොට මේ වගේ technology ලිපි දවස ගානේ ඔයාලට කියවන්න පුළුවන්.
No comments:
Post a Comment