![]() |
Source: Tech Insider |
ඔයා දන්නවද? හැම දවසකම බිලියනයකටත් වඩා වැඩි සෙනගක් facebook පාවිච්චි කරනවා.
ඔයා පිළිගත්තත් නැතත් ඇත්ත නම් ඔයා වැඩිපුරම ඔයාගේ phone එකෙන් open කරන app එක facebook app එකයි. ඒ විතරක් නෙවෙයි computer එකෙන් උනත් වැඩිපුරම යන්නේ facebook එකට නේද?. ඔයා අලුත්ම news දැන ගන්න හැදුවත්, යාළුවො එක්ක පොඩි චැට් එකක් දාන්න හැදුවත්, හැමතිස්සෙම facebook යන එක ඇබ්බැහියක් වගේ වෙන දෙයක්.
ඉතින් මම හිතුව මේ ලිපියෙන් ඔයාලට facebook එකේ කරදරකාර මිනිස්සුන්ව සහ ඔවුන්ගේ පොස්ට් පෙන්නනේ නැති වෙන්න හදන එකේ ඉදන් Notification මැනේජ් කරන තැන දක්වා ඔයාලට facebook පාවිච්චි කරද්දී යොදා ගන්න පුළුවන් tips සහ tricks ටිකක් ගැන විස්තර කියන්න.
මේ දේවල් වලින් ඔයාට පුළුවන් වේවි ප්‍රෝ කෙනෙක් වගේ facebook පාවිච්චි කරන්න.
facebook එකේ හොද රසවත් පොස්ට් එකක් හම්බඋනා.එත් දැන් බලන්න වෙලාවක් නැහැ. කමක් නෑ. පස්සේ බලන්න save කර ගන්න.
![]() |
Source: Tech Insider |
ඔයා මේ විදිහට bookmark කරපු වීඩියෝ , ෆොටෝ, ස්ථාන වගේ දේවල් පස්සේ ඔයාට ඔයාගේ profile එකේ තියෙන "Saved " කියන page එකෙන් බලා ගණන් පුළුවන්. ඒ වගේම මේ page එක ඔයාගේ phone එකේ app එකේ නම් තියෙන්නේ "More" කියල තියෙන ටැබ් එකේ.
ඔයාගේ profile picture එක animated GIF එකක් කරන්න.
![]() |
Source: Tech Insider |
facebook app එකෙන්, ඔයාගේ profile picture එක select කරලා "Take a new profile video" කියල තියෙන එක තෝරන්න. එතනින් ඔයාට ඔයාගේ profile picture එක වෙනුවට පොඩි වීඩියෝ clip එකක් හරි වීඩියෝ ලූප් එකක් හරි upload කරන්න පුළුවන්. එතකොට හරියට harry potter එකේ පත්තරේ වගේ චලනය වන profile picture එකක් ඔයාටත් තියේවි.
මේ විදිහේ පොඩි අකුණක් තියෙන symbol එකකින් තියෙන පොස්ට් ඉක්මනින්ම load වෙයි. ඒ වගේම ඇඩ්ස් පෙන්නන්නෙත් අඩුවෙන්.
![]() |
Source: Tech Insider |
මේවට කියන්නේ facebook instant articles කියල මේවා social media වලට ටිකක් අලුත් දෙයක්. ඒ වගේම හුගක් වෙලාවට social media වල විතරක් දකින්න පුළුවන් වෙන දෙයක්. මෙහෙම තියෙන පොස්ට් එකක් සාමාන්‍යයෙන් අනික් පොස්ට් එකකට වඩා 10 ගුණයක් වේගයෙන් load වෙනවලු. ඒ වගේම තියෙන්නේ Clean . minimal layout එකක්. ඒ වගේමැ කරදරකාරී ඇඩ්ස් අඩුයි.
ඔයාගේ news feeds වල තියෙනවීඩියෝ autoplay වෙන එක නතර කරන්න.
![]() |
Source: Tech insider |
ඔයා ඔයාගේ phone එකෙන් හරි computer එකෙන් හරි facebook news feeds බල බල ඉන්න කොට වීඩියෝ නිකන්ම play වෙනවනම් ඔයා එහෙම වෙනවට කැමතිත් නැත්නම් ඔයාට settings වලින් කෙලින්ම එහෙම වෙන එක නවත්තල දාන්න පුළුවන්.
ඔයාගේ facebook app එකේ දකුණු පැත්තේ උඩම තියෙන ටැබ් එකෙන් settings තෝරන්න එතනින් ගිහින් account settings තෝරන්න. එකේ ඇතුලේ ඇති videos and photos කියල ටැබ් එකක්. ඔයාට එතනින් මෙහෙම autoplay වෙන එක නවත්තල දාන්න පුළුවන් නැත්නම් ඔයාට පුළුවන් ඔයා wifi වලින් internet යන වෙලාවට විතරක් වීඩියෝ play වෙලා mobile data වලින් internet යනකොට ඒ වීඩියෝ play වෙන එක නතර කරලා දාන්න. නැත්නම් හුගක් data කපෙනවනේ.
ඔයාට unfriend කරන්නත් බැරි කරදරකාරී යාළුවො ඉන්නවනම් කෙලින්ම unfollow කරලා දාන්න. එයාල දාන එක එක වල්පල් එතකොට පෙන්නන එකක් නැහැ.
![]() |
source: tech insider |
ඔයාට ඔයාගේ යාලුවෙක් unfriend කරලා හිත රිද්දන්නේ නැතුව එයා දාන කරදරකාරී පොස්ට් විතරක් පෙන්නනේ නැති කර ගන්න ඕනේ නම්. කරන්න තියෙන්නේ මෙච්චරයි. එයාගේ profile එකට ගිහින් profile picture එකට යටින් තියෙන following කියල තියෙන එකෙන් unfollow කරලා දාන්න. වැඩේ ඉවරයි.
අවුරුදු ගානකට කලින් අද වගේ දවසක ඔයාගේ facebook එකේ සිද්ද වෙච්ච දේවල් දැන ගන්න.
![]() |
Source: tech insider |
facebook එකේ තියෙනවා on this day කියල feature එකක්. එකෙන් පුළුවන් ඔයාට ඔයා අද වගේ දවසක කලින් අවුරුදු වල මොකද කලේ, මොනාද upload කරපු ෆොටෝ නැත්නම් වීඩියෝ කියල බලන්න.
ඔයාට විතරයි මේ දේවල් බලන්න පුළුවන්. එතනට යන්න මේ ලින්ක් එකෙන් පුළුවන් Facebook.com/onthisday. ඒ වගේම ඔයාට පුළුවන්සමහර පොස්ට් දකින්න අකමැති නම් ඒවා පෙන්නන්නේ නැති වෙන්න hide කරලා දාන්නත්. හරියට නිකන් ඔයාගේ කලින් පෙම්වතියගේ ෆොටෝ වගේ දේවල්. ඒවා දකිද්දී දුක හිතෙනවනෙ.
ඔයා මේ වෙනකන් comment කරපුව, like කරපුව share කරපුවා පොස්ට් දාපුවා වගේ දේවල් බලන්න activity log එකන් පුළුවන්.
![]() |
Source: tech insider |
ඔයාට ඔයාගේ facebook එකේ news feeds වල දකින්න කැමති කාගේ පොස්ට් ද කියල තීරණය කරන්න පුළුවන්.
![]() |
source: tech insider |
ඔයා mobile app එකෙන් facebook යනකොට මුලින්ම news feeds වල දකින්න කැමති කාගේ පොස්ට් ද කියල තීරණය කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ settings යන්න, ගිහින් more කියල තියෙන ටැබ් එකට යන්න එතනින් News feeds preferences කියල තියෙන එකෙන් වැඩේ කරන්න පුළුවන්. ඔයාට පොස්ට් දකින්න කැමති යාලුවන්ව හරි page හරි see first කරහම හරි.
ඔයාගේ නම හරියට කියන්නේ කොහොමද කියල කට්ටියට කියන්න
![]() |
Source: tech insider. |
ඔයාගේ නම අනිත් අය වැරදියට කියන විදිහ අහන ඉදල ඇති වෙලාද එහෙනම් ඔයාට ඔයාගේ නම් හරියට කියන විදිහ facebook එකෙන්ම කියල දෙන්න පුළුවන්. desktop site එකෙන් facebook ගිහින් ඔයාගේ profile එකේ එඩිට් කරන්න, detail about you කියල තියෙන එකට යන්න, එතනින් About යන්න, එතනින් ඔයාගේ නම හරියට උච්චාරණය කරන විදිහ පෙන්නලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට හුරතලේට කියන පෙට් name එකක් තියෙනවනම් හරි maiden name එකක් තියෙනවනම් එකත් add කරන්න පුළුවන්.
facebook එකේ friend කෙනෙක් ගෙයි follower කෙනෙකුගෙයි සීමාව ලකුණු කරන්න.
![]() |
source: tech insider |
ඔයාට facebook එකේ කෙනෙක් එක්ක connect වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් friend කෙනෙක් වෙලා අනික් ක්‍රමේ follower කෙනෙක් වෙලා.
යාලුවෙක් වෙනව කියන්නේ ඔයාල දෙන්න දෙන්නම කරන කියන දේවල් බලා ගන්න පුළුවන් වගේම දෙන්න දෙන්න එක්කම connect වෙනවා කියන එක. එත් follow කරපුහම වෙන්නේ එක්කෙනෙක් අනික් කෙනාගේ update දැන ගන්නවා හැබැයි අනික් කෙනා follow කරපු කෙනා එක්ක connect වෙන්නේ නැහැ.
ඔයාව කවුරු හරි follow කලොත් ඔයා share publicly share කරන හැම දෙයක්ම එයාට බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාට මේ account settings වල තියෙන followers section එකෙන් පහසුවෙන්ම අනිත් අයට ඔයාව follow කරන්න බැරි වෙන්න හදනන් පුළුවන්.
facebook එකේ පොස්ට් එකක් share කරද්දී ඒක පෙන්න ඕනේ කාටද කියල තෝරන්න පුළුවන්.
![]() |
source: tech insider |
edit privacy ගිහින් ඔයාට පුළුවන් ඔයා share කරන පොස්ට් එකක් කාටද පෙන්නන ඕනේ කියල හදන්න.
ඔයාගේ යාහළුවන් නොවන අයට ඔයාගේ profile එක පේන විදිහ හදන්න මේ විදිහට පුළුවන්.
![]() |
source: tech insider |
ඔයාගේ යාහලුවන්ගේ ලිස්ට් එක අනිත් අයට නොපෙන්වා ඔයාට විතරක් පෙන්න හදන්න මෙහෙම පුළුවන්.
![]() |
source: tech insider |
ඔයාගේ relationship status එක යාහලුවන්ගෙන් සගවන්නේ මෙහෙමයි.
![]() |
source: tech insider |
ඔයාගේ profile එකේ තියෙන ෆොටෝ albums සහ events අනික් ඇයට බලන්න ඕනේ නැත්නම් හංගන්නේ මෙහෙමයි.
![]() |
source: tech insider |
ඔයාව contact කර ගන්න බැරි වෙන්න කෙනෙක්ව block කරන්නේ මෙහෙමයි.
![]() |
source: tech insider |
ඔයා කොහෙන් facebook එකට log උනත් මේ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඒ log වෙච්ච තැනින් logout වෙන්න දැන් ඉන්න තැන ඉඳන් පුළුවන්.
![]() |
source: tech insider |
security settings වලින් ඔයාගේ account එකට කවුරු හරි log වෙන්න හදපු ගමන් ඔයාට දැන ගන්න පුළුවන් වෙන්න හදන්නේ මෙහෙමයි.
![]() |
source:tech insider |
settings වල notification section එකට ගිහින් notification වැඩි නම් වැඩි ඒවා හරි සේරම හරි අයින් කරලා දන්නා
![]() |
source:tech insider |
ඔයා comment කරපු පොස්ට් එකකින් කරදරකාරී විදිහට notification එන එක ඒ එන notification එක පැත්තේ තියෙන x තෝරලා turn off කරලා දාන්න පුළුවන්
![]() |
source: tech insider |
birthday reminder notification එන එක නවත්තල දාන්න.
![]() |
source: tech insider |
කවුරු හරි කෙනෙක් පොස්ට් එකක් දාපු සැනින් ඒ බව දැන ගන්න notification එකක් ගෙන්න ගන්න
![]() |
source: tech insider |
කවුරු හරි පුද්ගලයෙක් like කරපු comment කරපු පොස්ට් හොයා ගන්න
![]() |
source: tech insider |
ඔයාට අවශ්‍ය පුද්ගලයන් page විතරක් නෙවෙයි. key words, නැත්නම් වචන උනත් search කරනන පුළුවන්
![]() |
source: tech insider |
ඔයාගේ යාහලුවන්ව category කරන්න පුළුවන්
![]() |
source: tech insider |
ඔයා ගැන පොඩි විස්තරයක් අනිත් අයට පේන්න දාන්න
![]() |
source: tech insider |
දාපු පොස්ට් හරි comment හරි edit කරන්න
![]() |
source: tech insider |
facebook වලට සමු දෙනවා නම් අවශ්‍ය data save කර ගන්න.
![]() |
source: tech insider |
මේ ලිපියෙන් දෙන්න තිබ්බ තොරතුරු නම් ඉවරයි. ඔයාලට මොනා හරි ප්‍රශ්න තියෙනවනම් පහල තියෙන comment section එකේ comment එකක් දන්නා. මීට අමතරව ඔයාල දන්නා දේවල් තියෙනවනම් ඒවත් comment කරන්න. ඔයාලට තව tech ගැන දැනගන්න දේවල් තියෙනවනම් ඒවත් comment කරන්න.
ඒ වගේම යාලුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ facebook page අකටත් like එකක් දාන්න. එතකොට ඔයාලට පුළුවන් සිංහලෙන්ම tech ගැන තොරතුරු දැන ගන්න.
මූලාශ්‍රය:tech insider
ලිව්වේ: දසුන් සුචරිත්
No comments:
Post a Comment