අමු බිත්තරයක් ඇතුලේ මෙවැනි සුදු නූලක් තිබුනොත් ඉන් අදහස් කරන්නේ කුමක්ද ? එම බිත්තර ආහාරයට ගැනිම සුදුසුයි ද? - SLViki

Latest

Wednesday, May 17, 2017

අමු බිත්තරයක් ඇතුලේ මෙවැනි සුදු නූලක් තිබුනොත් ඉන් අදහස් කරන්නේ කුමක්ද ? එම බිත්තර ආහාරයට ගැනිම සුදුසුයි ද?


උදෑසන ආහාරය සඳහා නැතුවම බැරි දෙයක් ලෙස බිත්තරය හඳුන්වන්නට පුළුවන්. ඉක්මනින්ම සහ පහසුවෙන් පිස ගැනීමට ඇති හැකියාව නිසා තමයි උදෑසන ආහාරය සඳහා බිත්තරම තෝරා ගැනීමට බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ.
සීනි වලින් බහුල ආහාර වර්ග අනුභව කරනවාට වඩා ප්‍රෝටීන් වලින් පොහොසත් ආහාර වේලක් අනුභව කරමින් දවස ආරම්භ කරනවානම් ශරීරයේ බර අඩුකරගැනීම සඳහා ඉන් ඉමහත් දායකත්වයක් ලැබෙන බව විශේෂඥයින්ගේ අදහසයි.
ඔබ නිතර බිත්තර අනුභව කරන කෙනෙකු නම් ඔබ කඩපු අමු බිත්තරයක් තුල සුදු නූලක් වැනි යමක් අන්තර්ගතව තිබෙනවා දැක ඇති.

චලසා (Chalaza)
ඔම්ලට් එකක් සකසා ගැනීමට අමු බිත්තරයක් කඩන විට, එහි ඇතුලත මෙවැනි සුදු නූලක් වැනි යමක් තිබෙනවා දුටුවොත් ඔබ කලබලයට පත්වෙනවා නේද ?
Chalaza යනුවෙන් හඳුන්වන එම ද‍්‍රව්‍යය පෙනුමෙන් තරමක් අමුතු ස්වභාවයක් ගත්තත් අනුභවය සඳහා හිතකර බව හොඳින් මතක තබාගන්න. මෙම පහත පින්තූරය නැරඹීමෙන් ඒ පිළිබඳව හොඳ අදහසක් ඔබට ලබාගන්නට පුළුවන් වේවි.

ඉහත රූප සටහන දෙස අවදානය යොමුකළහොත් බිත්තරයේ කහමදය වට කරගෙන චලසා එක දෙපැත්තෙන් තිබෙන බව ඔබට පෙනේවි.
එම චලසා එක වඩාත් හොඳින් ඉස්මතුවී පෙනෙනවානම් බිත්තරයද වඩාත් නැවුම් එකක් බව දැනගන්නට පුළුවන්.
බිත්තරය පරණ වෙනකොට චලසා (Chalaza) එකද අතුරුදහන්ව යනවා. ඔබ කඩපු බිත්තරය තුල චලසා එකක් නොමැති නම් එය බොහෝ විට ශීතකරණයක යම් කාලයක් ගබඩා කරතැබූ බිත්තරයක් වෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා.




No comments:

Post a Comment