සිංහබාහු සිංහයෙක් නෙමේලු හනුමන්තා වානරයෙක් නෙමේලු ඇත්තද මේ කියන කතා ? - SLViki

Latest

Wednesday, May 17, 2017

සිංහබාහු සිංහයෙක් නෙමේලු හනුමන්තා වානරයෙක් නෙමේලු ඇත්තද මේ කියන කතා ?


රාමායණයේ ප්‍රබල චරිතයක් වන 'හනුමන්තා' ගැන නොයෙක් රස කතා ඇත. ඒ අතර රාවණ රජු විසින් හනුමන්තා අල්වාගෙන වලිගයේ රෙදි පාංකඩ ඔතා උගේ වලිගයට ගිනි තැබූ බවත් එවිට හනුමන්තා තමාගේ ගිනිගත් වලිගයෙන් මුළු ගමක්ම විනාශ කළ බවත් කියැවේ. අද ඒ ගම 'පාළුගම' ලෙස ව්‍යවහාරයේ පවතී.
එසේම රාම කුමරුගේ ලංකාගමනය සමඟ ඖෂධ විශේෂයක් අවශ්‍ය වී ඒ ඖෂධ සොයාගන්නට නොහැකිව හිමාලය කන්දෙන් කොටසක් ලංකාවට ඔසවාගෙන පැමිණි පුවතත් රසවත්ය. ඒ ඔසවාගෙන ආ කඳු ගැටය 'රූමස්සල' යැයි සිතන්නෝද වෙති.

හනුමන්තා නැතහොත් 'හනුමාන්' ගැන අප දන්නේ රාම - සීතා ප්‍රේම පුරාණයේ රාමා සහ සීතාට උදවු උපකාර කළ වඳුරු සේනාවක නායකයකු බවයි. හනුමන්තා වඳුරෙක්ද? හනුමන්තා වඳුරෙක් සේ පිළිගන්නේ නම් චාල්ස් ඩාවින්ගේ 'පරිනාම වාදයට' හොඳ සාධකයකි. මිනිසා වඳුරාගෙන් පරිනාමය වූයේ යැයි ඔහු පවසන මතයට මේ හනුමන්තා කදිම සාධකයකි. වඳුරෙක්ද නොවන මිනිසෙක්ද නොවන මේ දෙදෙනාට අතරමැදි නිර්මාණයක් සේ හනුමන්තා දැක්විය හැකිය. එවිට පරිණාමවාදය පිළිගන්නා අයට එය සනාථ කිරීමට තවත් සාධක අනවශ්‍යය.
එහෙත් හනුමන්තා මෙවැනි 'අතරමැදි' නිර්මාණයන් නොවේ. අප දන්නා පරිදි මෙවැනි ලංකාවේ යුද්ධ හමුදාවේ 'සිංහ' නම් රෙජිමේන්තුවක් ඇත. ගජබා, විජයබා මෙන්ම සිංහ රෙජිමේන්තුවද යුද්ධ හමුදා සෙබළුන්ගෙන් සමන්විත වූ සේනාංකයකි. හනුමන්තාද වඳුරකු ලෙස නොව රාම කුමරුගේ හමුදාවේ 'වානර රෙජිමේන්තුවේ' නායක භටයකු සේ සැලකිය හැකිය.
ශ්‍රී ලංකා ඉතිහාසය ගෙන බැලුවොත් සිංහ සීවලී - සහ සිංහ බාහු දෙදෙනා ගැන විස්තරය අප දත යුතුමය. මේ සිංහ සීවලී සහ සිංහ බාහු දෙදෙනාගේ මව සුප්පා දේවිය වන අතර පියා සිංහයෙකි. මෙය විය හැකිද. සිංහයකු මිනිස් කතකට ප්‍රේම කරාවිද. එසේම ඔවුන් දෙදෙනාගේ එක්වීමෙන් මිනිස් දරුවන් බිහිවේද. මෙහිදී සුප්පා දේවියගේ සැමියා සිංහයකු නොව 'සිංහ' නම් පුද්ගලයකු බව ඉතිහාසයේ පිළිගෙන ඇත. ඒ අනුව හනුමන්තාද වඳුරකු නොව 'වානර' නම් රෙජිමේන්තුවේ ප්‍රධානි 'හනුමාන්ය' හනුමාන් යනු රාම කුමාරයාගේ හමුදා නායකයෙකි. ඒ ඓතිහාසික ප්‍රවෘත්තීන්ය.
ඉන්දියාවේ 'හනුමන්තා'ට පුද පූජා පවත්වන දේවාල විශාල ප්‍රමාණයක් ඇත. ඇතැම් ප්‍රාන්තවල හනුමන්තාගේ කෝවිල අසල ඉතා විශාල හනුමන්තාගේ පිළිම ඉදිකර ඇත. ශ්‍රී ලංකාවේද නුවරඑළිය අසල එවැනි හනුමන්තා දේවාලයක් මෑතකදී ඉදිකර ඇත. ඒ කරා ඇදෙන බැතිමතුන්ද රාශියකි.
මෙයට අමතරව 'හනුමන්තා'පිළිබඳ ගුප්ත විද්‍යාවේ වෙනම අදහසක් ඇත. ගුප්ත විද්‍යාවේ එන 'අඳුන බැලීම' නැතහොත් 'අංජනම් බැලීම' විශේෂ අවස්ථාවකි. නිවැරැදිව අංජනම් බැලීමෙන් රෝගාබාධ - අනවින - හදි හූනියම් - නැතිවූ භාණ්ඩ පිළිබඳ ඉඟි මෙන්ම තවත් බොහෝ දේ බලාගත හැකිය.


අංජනම් බැලීමේදී ප්‍රධාන චරිත දෙකකි. එනම් 'අංජනම් දේවි' සහ 'හනුමන්තාය' මේ අංජනම් දේවියගේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා වන්නේ හනුමන්තාය. ඇතැමුන් හනුමන්තා යනු අංජනම් දේවියගේ පුත්‍රයා ලෙසද පිළිගනී. හනුමන්තා හෝ අංජනම් දේවි මඟින් අඳුන බැලීම සුවිශේෂී හැකියාවක් ඇත්තන්ට පමණක් කළ හැකිය.අඳුන බැලීම සියලු දෙනාටම කළ නොහැකිය. අඳුන බැලීමේ මන්ත්‍ර බොහෝ අය අතර ඇතත් එය ජීවම් කිරීමෙන් පසු අඳුන පෙනෙන අයකු සොයා ගැනීම අපහසුය. එවැනි දෙදෙනකු එක්වීමෙන් අංජනම් දේවිය හෝ හනුමන්තා ලවා බොහෝ දේ කරවා ගත හැකිය.
වඳුරකුගේ හැඩයක් ගෙන සිටියද හනුමන්තා වඳුරකු සේ හැඳින්වීම අපහසුය. ඔහු රාජාභරණයෙන් සැරසී යගදාවක් හෝ පන්දමක් අත දරා තේජස් විලාසයෙන් පෙනී සිටී. ඔහු හඳුනාගෙන ඔහුගෙන් බොහෝ දේ ඉටුකර ගත හැකිය. තමාට ආරක්‍ෂාව ලබාගන්නට එසේම දරුපල ලබා ගන්නට හනුමන්තාට පූජා පැවැත්වීම සිදු කෙරේ.
මන්ත්‍ර ජීවම් කිරීමෙන් සිදුවන 'වරම' ගැනීමේදී ද 'නවග්‍රහ වරං - නවග්‍රහ නවදෙනා වරං හනුමා වරං හනුමා පත්‍රකාලී වරං' යනුවෙන් ජීවම් කෙරේ.
වශී යන්ත්‍ර අතර ජනප්‍රිය 'ශ්‍රියා කාන්තා යන්ත්‍රය' ජීවම් කිරීමේදීත් ' හනුමා ජල ඉරංග ග්‍රීන් බේස් කෛවීර හනුමා ගිනි ගිනි ලෙසින් ජීවම් කෙරේ.'තවත් මන්ත්‍ර සඳහා හනුමා හෙවත් හනුමන්තාගේ ප්‍රයෝජන ලබාගත හැකිය. උක් ගස් සහ කෙසෙල් ගෙඩි මෙන්ම පරිප්පු වඩේ ආහාරයට ගැනීමට හනුමන්තා කැමැතිය. එනිසා හනුමන්තාට පූජා පවත්වන අවස්ථාවල ඉහත කී දෑ තැබීම අත්‍යාවශ්‍යය.



 උපුටා ගැනිම-http://mawbima.lk


No comments:

Post a Comment