අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන
බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. මේ දේවල්වල ඇත්ත නැත්ත කුමක්ද? ඇත්තටම පිටසක්වළ ජීවයක් පවතීද? නැතිනම් මේ විශ්වයේ ජීවය පවතින එකම ග‍්‍රහලෝකය අපේ පෘථිවිය පමණක්ද? අපේ ක්ෂීරපථයෙන් ඈත වෙනත් මන්දාකිණිවල ජීවය පවතීද? මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නේ පිටසක්වළ ජීවීන් ගැන, පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් සොයමින් සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ
ගැන අලූත් ම තොරතුරු කිහිපයකි.
පිටසක්වළ
ජීවීන්ට මෙහි පැමිණිය හැකිද?
පිටසක්වළ ජීවීන් අති විශාල දුරක සිට පෘථිවිය සොයා පැමිණීමේදී මුහුණ පෑමට
සිදුවන ගැටලු නම්,
දුර සීමාව
බුද්ධිමත් ජීවීන් ජීවත් විය හැකි ග්‍රහ පද්ධතියක් දරන තාරකා පෘථිවිය
ආසන්නයේ පිහිටා නොමැත.එවැනි තාරකාවකට ඇති දුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ දස දහස්
ගණනක් විය හැක.එමනිසා එම තාරකාවක සිට පෘථිවියට පැමිණීමේදී අති විශාල දුරක් ගෙවා
පැමිණිය යුතුය.
ආයු සීමාව
පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100,200 පමණ ඈතින් ඇති ග්‍රහලෝකයක සිට ජීවීන් කොට්ටාෂයක් අප වෙත පැමිණියහොත්
ඹවුන්ට අති විශාල කාල සීමාවක් අභ්‍යවකාශයේ ගෙවා දැමීමට සිදුවේ. එහිදී මුහුණ පෑමට
සිදුවන ගැටලු නම් ජීවියකුගේ ආයු කාලය එතරම් විශාල නොවීමත් එපමණ කාලයක් තුල ජීවත්
වීමට අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන ඒමට සිදුවීමත්ය.
ඉන්ධන සීමාව
විශාල දුරක් ගෙවා පැමිණීමේදී ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට
සිදුවේ.එම ඉන්ධන ගබඩා ක්රීමේදී ගැටළු ඇතිවේ.න්‍යෂ්ඨික ශක්තිය භාවිත කලද එයද ඉතා
විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.
විශ්වයෙන් ආ
අබිරහස් සංඥාව
1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල්ට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි. ඇය නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීම් කරද්දී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා.

බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ්
මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස
සටහන් වන බවයි. ඒ සංඥා ආයේ විශ්වයේ ඈත කොහේ හෝ ස්ථානයක සිටයි. මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා. ‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති [Little Green Men] කියන වැකියේ මුල් අකුරු යොදා ගැනුණා.
සංඥාවේ අබිරහස විසඳෙයි
1968 වන විට ජොසලීන් බෙල්ට ලැබුණු LGM සංඥාවලට පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධයක් නැති බව තහවුරු වුණා. ඒ වසර තුළ දී පමණක් LGM සංඥාවලට සමාන සංඥා නිකුත් කරන වස්තූ ගණනාවක් ම සොයා ගනු ලැබුවා. ඒවා නිකුත් වෙන්නේ ඉතා වේගයෙන් භ‍්‍රමණය වන නියුට්‍රෝන තාරකාවලින්. අති ප‍්‍රබල ගුවන්විදුලි තරංග නිකුත් කරන ඒවා හැඳින්වෙන්නේ පල්සර් (Pulsar) කියායි. විකිරණශීලී නියුට්‍රෝන තාරකාවල ජීවීන් සිටිත්දැයි විමසීම නිෂ්ඵල කාර්යයක්.
ඒ කෙසේවුවත් බෙල්ගේ හා හෙවිෂ්ගේ මෙම සංඥා සොයා ගැනීමෙන් ඒවා පිටසක්වළ
ඉන්නා බුද්ධිමත් ජීවීන් නිකුත් කරන ඒවාදැයි සිතන්නට කවුරුනුත් පෙලඹුණේ එකල පැවති
වාතාවරණය අනුවයි. ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර වසර 10ක්වත් ගත වී තිබුණේ නෑ. ඒ වන විට ‘අභ්‍යවකාශ යුගය’ ආරම්භ වෙලා ලෝකයේ කාගේත් උනන්දුව ඒ වෙත යොමු වෙලා තිබුණා. අජටාකාශගාමීන්
අභ්‍යවකාශයට යන්න පටන් අරන් තිබුණා.
මිනිසුන් රහිත යානා ග‍්‍රහයන් වෙත
යවා තිබුණා. ‘ස්ටා ටේරක්’ හා ‘ලොස්ට් ඉන් ස්පේස්’ වැනි රූපවාහිනී විද්‍යා ප‍්‍රබන්ධවලින් සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් තුළ පවා
විශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වී තිබුණා. විශ්වයේ නව ගවේෂණ කෙරෙහි ලොව පුරා විද්‍යාඥයන්
අතර ලොකු උද්යෝගයක් හා තරගයක් ආරම්භ වී තිබුණා. මෙවන් තත්වයක් යටතේ පල්සර්
තරුවලින් නිකුත් වූ විකිරණ තරංග බුද්ධිමත් ජීවීන්ගෙන් ලැබුණු සංඥා ලෙස වරදවා වටහා
ගනු ලැබුවේ එදා පැවති තත්වය අනුවයි.
පිටසක්වළ
ජීවීන් හොයන ‘සෙටී’ මෙහෙයුම
පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගිනුයි. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමටයි. මෙය නොදන්නා දේවල් සොයා සිදු කෙරෙන විද්‍යාත්මක මෙහෙයුමකි. ”දැනට අපට සතුව ඇත්තේ ප‍්‍රශ්න වැලක් පමණයි. ඒත් කවදා හෝ දිනයක ඒ ප‍්‍රශ්නවලට අපට පිළිතුරු ලබා ගැනීමට ගැනීමට හැකි වූ විට අපේ මුළු ලොවම වෙනස් වේවි” මෙසේ පවසන්නේ සෙටී මෙහෙයුම දියත් කළ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි.

‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට
නැංවූ හැටි
‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එය සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධානතම අරමුණයි. දැනට කි‍්‍රයාත්මක මේ ‘සෙටී’ මෙහෙයුමේ ආරම්භයත් ඒ හා සම්බන්ධ සිදුවීම් හරිම අපූරුයි.

ලෝකය පුරා පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් පිළිබඳව නොයෙකුත් සිදුවීම්
වාර්තා වී තිබේ.මධ්‍ය හරහා එළියට නොපැමිණි පර්යේෂකයන්ගේ ඇසට බඳුන් නොවූ තවත්
සිදුවීමි අපමණ සංඛ්‍යාවක් තිබිය හැක.වාර්තා වූ බොහෝ සිදුවීම් ද සත්‍ය සිදුවීම
විකෘතිව ඉදිරිපත් වන්නට හේතු වී ඇත්තේ බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇති නොදැනුවත් කම
නිසාය.
ඔබට යම්
හෙයකින් පියාඹන වස්තුවක් දැක ගැනීමේ වාසනාව උදාවුවහොත් ඔබ අනුගමනය කල යුතු ක්‍රියා
පටිපාටියක් ඇත.
1) ඔබ දුටු දේ තහවුරු කර ගැනීමට තවත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සොයාගන්න.
2) හැකි නම් ඡායාරූපයක් ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට උත්සාහ ගන්න.
3) ඔබ විසින් නිරීක්ෂණය කරන ලද වස්තුව හා අවට පරිසරය සංසංදනය කර එහි විශාලත්වය, වේගය ආදිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්න.
4) හැකිනම් එම මොහොතේම දුටු දේ ලියා එහි ගමන් මාර්ගය ආදී දේ පිළිබඳව සිතියමක් අඳින්න.
5) හැකි ඉක්මනින් පොලීසියට, ගුවන් හමුදාවට හෝ හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂකයන්ට සිද්ධිය ගැන දැනුම් දෙන්න.

කල්පිතවලට පමණක් සීමා වී තිබූ පිටසක්වළ ජීවීන් සැබැවින්ම සිටින බවට මේ
කරුණු අධ්‍යයනය කිරීමෙන් සිතිය හැකියි.එවැනි ජීවීන් පෘථිවියට පැමිණ කුමක් කරනු
ඇත්ද? ඒ ගැන කිසිවකු කිසිවක් නොදන්නාමුත් ඉතිරිව ඇත්තේ කුතුහලයක් පමණක් බව කිව
යුතුය.සක්වළ මිතුරෝ යම් දිනක අපි හමුවටද පැමිණෙන තුරු අපි ද බලා සිටිමු.
No comments:
Post a Comment