තලපත් මාළු 500g
ලොකු ළූණූ ගෙඩි
3ක්
තක්කාලි ගෙඩි
2ක්
bay leaf 2ක්
අමු මිරිස්
කරල් 3ක්
වියලි මිරිස්
කරල් 6ක්
කොත්තමල්ලි තේ
හැදි 1ක්
සූදුරු තේ හැදි
1/2ක්
කහ කුඩු තේ
හැදි 1/4ක්
සොයා සෝස් මේස
හැදි 1ක්
විනාකිරි මේස
හැදි 1ක්
ගම්මිරිස් කුඩු
තේ හැදි 1ක්
ඉගුරු තේ හැදි
2ක්
සුදු ළූණූ තේ
හැදි 2ක්
කොල පාට belpeper
ගෙඩි 1ක්
වතුර කෝප්ප 1ක්
ළූණූ කොල
මුලින්ම මාළු
අගල් 1 1/2 පමන කෑලි කපාගෙන ලුණූ හා කහ මිශ්‍රකර ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු
බැදගන්න. පසුව එම තෙල් වලින්ම මේස හැදි 2ක් පමන රත් කර එයට bay
leaf, සිහින්ව කපාගත් ලොකු ළූණූ, සුදු
ළූණූ, ඉගුරු, අමු මිරිස් කරල්
වශයෙන් එකතු කර හොදින් තෙම්පරාදු කරන්න.
එය රන්වන්
පැහැවී එනවිට කහ කුඩු, ලුණු, සොයා සෝස්, විනාකිරි මිශ්‍රකරන්න. මේ අතර
වියලි මිරිස්, කොත්තමල්ලි, සුදුරු,
කරාබු නැටි, එනසාල් කබලේ බැදගෙන හොදින්
කුඩු කරගෙන ඒ සමගම එකතු කර ගන්න. මෙය ඔබ කලින් සකසාගෙන තියගන්න එය පහසුයි.
මේ සියල්ල
හොදින් කවලම් කර විනාඩි 2කින් පමන පසුව වතුර එකතු කරන්න. වතුර නටන විට ගින්දර අඩු
කර බැදගත් මාළු, තක්කාලි, belpeper එයට දමා මද ගින්නේ විනාඩි 10ක් පමන පිස ගන්න. ලිපෙන් ඉවත් කරන්න මද
වේලාවකට පෙර ගම්මිරිස් කුඩු, ළූණූ කොල ඉසින්න.
No comments:
Post a Comment