ව්‍යංජනවලට සහ බොර ගතියට මස් මාළු හදා ගන්න අවශ්‍ය කලු පොල් සහ බැඳි හාල් ගුලිය සාදා ගන්නා ක්‍රමය.. - SLViki

Latest

Saturday, February 4, 2017

ව්‍යංජනවලට සහ බොර ගතියට මස් මාළු හදා ගන්න අවශ්‍ය කලු පොල් සහ බැඳි හාල් ගුලිය සාදා ගන්නා ක්‍රමය..



කටට රසට ව්‍යංජන හා බොර ගතියට මස් මාළු හදා ගන්න අවශ්‍ය කලු පොල් සහ බැඳි හාල් ගුලිය සාදා ගන්නා ක්‍රමය අද අපි කියල දෙන්නයි හදන්නේ මේ ලිපියෙන්.ලේසියෙන්ම හදා ගන්න පුළුවන්.කෑම රසවත් කරන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න අපි ඔබට ඉදිරියේදීත් කියල දෙනවා..අපි සමග දිගටම රැදී ඉන්න.

එළවළු සඳහා කළු පොල් මාළුව සඳහා:-

ගා ගත් පොල් මේස හැඳි 12
සුදු කැකුළු හාල් මේස හැඳි 10
අබ ඇ‌ට මේස හැඳි 3
කුරැඳු පොත්තක්

සාදන ක්‍රමය:-

හාල් සහ පොල් වෙන් වෙන්ව බැද ගන්න. අබ හැර කුරැඳු පොත්ත එක් කර එයත් බැඳගන්න...
සියල්ල ග්‍රයි්‍ින්ඩරේට දමා වතුර මේස හැඳි 2ක් පමණ දමා අඹරා ගන්න...වතුර ගතිය මදි නම් ස්වල්පය බැගින් එක් කරමින් අඹරා ගන්න.
වතුර එක් කර ගැනීමෙන් ගලක අඹරා ගැනිමෙන් සිහින්ව පහසුවෙන් අඹරා ගැනීමට හැකියාව ඇ‌ත.

මස්, මාළු සහ පොලොස් සඳහා:-

සුදු ලූණූ බික් 10 ක් පමණ පෙති වශයෙන් සිහින්ව ලියා ගන්න
කොත්තමල්ලි මේස හැඳි 5 ක් 6 ක්
සූදුරැ මේස හැඳි 2 ක්
මහදුරැ මේස හැඳි 1 ක්
සුදු කැකුළු හාල් මේස හැඳි 5 ක්
ගා ගත් පොල් මේස හැඳි 7 ක්
කුරුඳු පොත්තක්
එනසාල් ස්වල්පයක්
කරාබු නැටි ස්වල්පයක්

සාදන ක්‍රමය

පළමු ලෙසම හාල් සහ පොල් වෙන් වෙන්ව බැද ගන්න...සුදුලූණූ හැර අනිකුත් සියල්ලම අඩු ගින්දරින් බැද ගන්න.
සුදු ලූණූ වෙනම අඩු ගින්දරින් බැද ගන්න...මඳක් පාට වෙනස්වී එනතෙක් යන්තමට කර නොවන ලෙස...
පළමු ආ‌කාරයටම වතුර ස්වල්පය බැගින් එක් කරමින් ග්‍රින්ඩෙර් ට දමා සිහින් වනතෙක් අඹරා ගන්න....

පියන සහිත වීදුරැ බඳුනක ශීතකරණයේ මාසයක් පමණ කාලයක් වුවත් තබාගෙන ප්‍රයෝජනයට ගත හැක.ඉඳහිට පියන ඇ‌තුළතින් එක්වන වාෂ්ප වැනි තෙත් ගතිය පිසදා ගැනීම වඩාත් යහපත්. 


No comments:

Post a Comment