කරවිල තිත්ත නැතුව උයන්නේ මෙහෙමයි... - SLViki

Latest

Wednesday, February 15, 2017

කරවිල තිත්ත නැතුව උයන්නේ මෙහෙමයි...


කරවිල තිත්ත නැතුව උයන්නේ කොහොමද? ඒ සඳහා හොඩක් අය භාවිතා කරන ක්‍රම කීපයක් තමයි මේ.

කරවිල කැපිල්ලෙත් රහසක් තියනවා (කෙමක්)? ඒ තමයි කරවිල කපද්දී කතා නොකර කරවිල කපන එක. (මෙකේ තේරුම තමයි කරවිල ඉක්මනට කපන්න ඕන කියන එකයි. වාතයේ නයිට්‍රජන් ඔක්සිජන් කරවිල වල ගැටෙනකොට තිත්ත වැඩිවෙනවාලු )
කරවිල උයන්න කලින් පොල් වතුරෙ දාලා ටිකක් වෙලා තියලා ගත්තමත් තිත්ත නෑ (පොල්වතුර වලින් කරවිල හෙදුවම තිත්ත කොටස් පොල්වතුරවල දියවෙනවා)
හොද්ද ඒදලා කිරටම එක පාර කරවිල කපලා දාන්න එතකොටත් කරවිල තිත්ත නෑ. (ඒදපු කිරටම කපන කරවිල වැටෙන්න සැලැස්සුවම කරවිල කැබලි වල වාතය ගැටෙනවා හොඳටම අඩුයි)
කරවිල උයන කොට තක්කාලි හෝ සියඹලා ටිකක් එකතු කරගන්න. කරවිල වල තිත්ත රස අඩු වෙලා යනවා එතකොටත්.
කරවිල තීරුවලට කපලා ලුණු වතුරෙ ටික වෙලාවක් තියලා, සියඹලා දාලා මිරිසට ඉව්වාම තිත්ත රස නැතිවෙනව.

කොහොම උනත් කරවිල තිත්ත ඇතුවම කන්න. එතකොටනෙ කරවිල අපිට කරවිල විදිහටම දැනෙන්නෙ....


No comments:

Post a Comment