පියවර 7න් ඉක්මනින් හිසකෙස් වැවෙන මැජික් එක - SLViki

Latest

Friday, February 17, 2017

පියවර 7න් ඉක්මනින් හිසකෙස් වැවෙන මැජික් එක


හිස කෙස් සම්බන්ධ කුමන සත්කාරය කළත් ඒ හැම දෙයක්ම ඉතාම සැළකිල්ලෙන් කරන්න ඕනේ. ඒ ඇයි කියලා දන්නවනේ? අපි මේ ගණුදෙනු කරන්නේ අපේ ඔළුවත් එක්ක. හිස් කබලෙන් වටවෙලා තිබෙන ඔළු කුහරය ඇතුලේ තියෙන්නේ වටිනාම මිනිස් ඉන්ද්‍රිය, ඒ තමයි මොළය. අපි හිසත් සමග කරන ගණුදෙනුවලදි වඩාත් පරිස්සම් වියයුතු ඒ නිසයි.
සාමාන්‍යයෙන් මාසයකදි කෙස් ගසක් වැඩෙන්නේ සෙන්ටිමීටර් 1ක් හෝ 2ක් වගේ ප‍්‍රමාණයක් කියලා මේ වෙද්දි හඳුනගෙන තියෙනවා. ඇතැම්විට මේ තත්වය ජානමය බලපෑම් මත වෙනස් වෙන්න පුළුවන්. ඉක්මනින් හිසකෙස් වර්ධනය නොවීම බොහෝ තරුණියන්ට මානසික පීඩනයක්. ඒ නිසා අපි හිසකෙස් වේගයෙන් වර්ධනය කරගැනීමට ඉතාම පහසු පියවර කිහිපයක් ඔබට කියනවා

1.හිසකෙස් ක‍්‍රමවත්ව කපන්න
බොහෝ දෙනෙක් හිසකෙස් කැපීමට බියක් සහ අකමැත්තක් දක්වනවා. ඒ නැවත හිසකෙස් වැඞීමට කල්ගත වේ කියන විශ්වාසය නිසා. නමුත් හිසකෙස් වර්ධනය බාලවීමට ප‍්‍රධානම හේතුව වන්නෙත් හිසකෙස් නොකැපීම සහ හිසකෙස් කැපීම අක‍්‍රමවත් වීම. කෙස් ගසේ අග පළුදුවී ඇතිවිට අප තේරුම් ගතයුතු වැදගත්ම දේ තමයි හිසකෙස් අඟලක් හෝ කීපයක් කපා ඉවත් කළ යුතු බව. ගසක් වුණත් ලස්සනට වැඩෙන්නේ කාලෙන් කාලෙට අතු කප්පාදු කළාම. කප්පාදුවට ලෝබ වුනොත් වැඞීම බාල වෙනවා.

2.ස්වභාවික තෙල් සාත්තුව
හිසකෙස්වල නිරෝගී බාවය රැඳී තිබෙන්නේ අපි ඊට ලබාදෙන සත්කාරයේ ප‍්‍රමාණයට. කෙස් ගසේ මුලට සහ හිස්කබලට ලබාදෙන සම්බාහනයෙන් හිස්කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදුවෙනවා. මේ නිසා තෙල් සාත්තුව කෙස් ගසේ වර්ධනයට ඉතාම වැදගත්. හිසේ ගැල්වීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ ආයුර්වේද තෛලයක්. පොල්තෙල් වුවද මේ සඳහා යෝග්‍යයි. මුලින්ම මෙම තෙල් මදක් රත් කිරීමෙන් පසු හිස ගැල්වීම කළ යුතුයි. තෙල් ගල්වා මිනිත්තු 30ක් පමණ
ඇඟිලි තුඩුවලින් සම්බාහනය කිරීමෙන් වැඩි ප‍්‍රතිඵල උදාකරගත හැකියි.

3.උදේ ආහාරයට විටමින් එකතුකරගන්න
නිරෝගී දිවියකට උදෑසන ආහාරවේල ඉතාම වැදගත්. විශේෂයෙන්ම උදේ ආහාර වේලට විටමින්, කැල්සියම් බහුල ආහාර වර්ග එකතුකරගැනීම අත්‍යවශ්‍යයි. ස්වභාවික එළවළු පළතුරු වලින් අපිට අවශ්‍ය සියළුම වර්ගයේ පෝෂපදාර්ථ සිරුරට එකතුවෙනවා. හිසකෙස් වර්ධනය ශාරීරික ක‍්‍රියාවක්. ශරීරයේ සමතුලිත බව ආරක්ශාවන තරමට කෙස්ගසේ වර්ධනය වේගවත් වෙනවා.

4.හිසකෙස් සම්බන්ධ ප‍්‍රතිකාර සඳහා රත්වූ සහ රළු උපාංග භාවිතාකරන්න එපා
බොහෝවිට කේශාලංකාර සත්කාර වලදී කෙස් ගසේ පැහැය, හැඩය වෙනස් කිරීමට විවිධ උපකරණ භාවිතා කරනවා. මේ උපකරණ වලින් කෙස්ගසට හානි සිදුවනවා. හානි වූ හිසකෙස්වල වැඩීමත් ඉබේම වගේ බාලවෙනවා. ඒ නිසා එවැනි සත්කාර ලබාගතයුතු නැහැ. අනෙක් අතට වැඩි රස්නය හිසකෙස් වලට ඔරොත්තු දෙන්නනේ නැහැ. රස්නය අධික වතුරෙන් ස්නානය කිරීම හෝ උපකරණ ආශ‍්‍රයෙන් රත් කිරීම කිසිසේත්ම නොකළ යුතුයි.

5.දිනපතා ඇල් වතුර නාන්න
දහදිය දූවිලි වැදීමෙන් කෙස්ගසේ වර්ධනය බාල වෙනවා. මේ නිසා අනිවාර්යයෙන්ම හිස සේදීම වැදගත්. මෙහිදී වඩාත්ම හිතකර වන්නේ ඇල් ජලයෙන් හිස සේදීමයි. හිස සේදීමේදීත් ප‍්‍රමිතියෙන් ඉහල සහ ගැලපෙන ෂැම්පූ වර්ගයක් පාවිච්චියට ගත යුතුයි. කන්ඩිෂනර් කිරීමත් නිරෝගී කෙස් කළඹකට අවශ්‍යයි

6.සිනිදු කොට්ටයක් හිසට තියන්න
නින්දේදීත් අපේ හිසකෙස් වර්ධනය වෙනවා. අපි හිසට තබන කොට්ටය වඩාත් මෘදු එකක් විය යුතුයි. ඒ වගේම කොට්ට උරය සම්බන්ධයෙන්ද සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ සඳහා දහඩිය හොඳින් උරාගන්නා කපු රෙද්දක් සුදුසුයි. කපු පුළුං වලින් තැනූ කොට්ටයක් හිස තැබීමට වඩාත් යෝග්‍යයි.

7.හිසේ ගල්වන විවිධ නිෂ්පාදන සම්බන්ධයෙන් සැළකිළිමත් වන්න
හිසකෙස් සඳහා විවිධ මුහුණුවරින් යුත් නිෂ්පාදන වෙළඳපොළේ තියෙනවා. මේවා පරිහරණයේදී වඩාත් පරිස්සම් විය යුතුයි. හැකිනම් එවැනි කෘතිම රූපාලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චියෙන් ඈත්වන තරට ඇ`ගට ගුණයි. මෙවැනි අමතර අලේපන නිසා කෙස් ගසේ ශෛල වර්ධනය අඩාල වීමට පුළුවන්.
මෙන්න මේ පියවර 7 අනුගමනය කළොත් කෙස් ගස් ඉක්මනින් වැවෙන මැජික් එක දැනගන්න පුළුවන්.




No comments:

Post a Comment