රේසර් තල ඉක්මනින් මළ බැඳීම වැලැක්වීමට ඇති විසඳුම් 03ක්.... - SLViki

Latest

Thursday, February 16, 2017

රේසර් තල ඉක්මනින් මළ බැඳීම වැලැක්වීමට ඇති විසඳුම් 03ක්....


පිරිමි පාර්ශවය නම් එයාලගේ රැවුල බාන්නත්, කාන්තා පාර්ශවය සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කරන්නත් රේසරයක් අනිවාර්යෙන්ම භාවිතා කරනවා. රේසර් ගත්තා වගේ නෙවෙයි මේවයේ තල මළකඩ කන එකත් සෑහෙන්න ප්‍රශ්නයක්. ගෙනා ගේන රේසර් එක ඉක්මනට මළකඩ කෑවම ගෙනා පමාවෙන් ආයේ රේසර් එකක් ගන්න වෙන එක කොච්චර කරදරයක්ද?
අනික මළකඩ කාපු රේසර් එකකින් රෝම ඉවත් කරනවා කියන්නේ විෂබීජ ආසාදනවලට වගේම සම තුවාල වීම්වලටත් මග පෑදීමක්. ඒ නිසා රේසර් එකක් ගෙනා පමාවට මළකඩ කෑමෙන් වළක්වාගන්න පොඩි tip එකක් ඔබට දෙන්නයි අපි මේ සූදානම් වන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය,
  • රෙදි කැබැල්ලක්
  • කැමීලියා oil, baby oil හෝ mineral oil ස්වල්පයක්
පියවර 01
රේසරය භාවිතා කරන සෑම මොහොතකම එහි රැඳෙන රෝම කොටස්, මැරුණ සම ආදිය ඉවත් කිරීමට රේසර් තලය හොදින් සෝදන්න. ඉන්පසු රෙදි කැබැල්ලෙන් එය හොඳින් තෙත මාත්තු කර වියලෙන්නට හරින්න.

පියවර 02 
රේසර් එක හැකිනම් නාන කාමරයෙන් පිටත තැනක තබන්න. තෙතමනය සහිත ස්ථානයක රඳවා තැබීම නිසාත් රේසර් තල මළකඩ කෑම ඉක්මන් වෙනවා. එසේ නානකාමරයෙන් පිටත තැබීම කරදරයක් නම් නාන කාමරයේ වතුර මලට හැකි තාක් ඈතින් රේසර් රඳවා තබන්න.

පියවර 03
පියවර 01 දැක්වෙන පරිදි භාවිතයෙන් පසු රේසර් තලය හොඳින් තෙත මාත්තු කර වියළීමෙන් අනතුරුව කැමීලියා oil, baby oil, mineral oil යන මේවා අතරින් එක් වර්ගයක් රේසර් තලය මත ආලේප කරන්න.




No comments:

Post a Comment