දවස ගානේ ඔයාගේ පෙනුමට ආදරේ කරන්න Amazon Echo Look! - SLViki

Latest

Tuesday, May 30, 2017

දවස ගානේ ඔයාගේ පෙනුමට ආදරේ කරන්න Amazon Echo Look!



ඇමේසන් සමාගම එයාලගේ එකෝ සීරීස් එකේ අලුත්ම ඩිවයිස් එක එළිදැක්වූවා.මේකේ නම එකෝ ලූක් (echo look).ඉතින් මම මේ ලිපියෙන් පොඩ්ඩක් අන්න ඒ ගැනතොරතුරු ටිකක් කියන්න හිතුව.

මේ Echo look එක Amazon සමාගමේ Echo family එකේ අලුත්ම model එක. ඒ වගේම මේ device එකත් එක්ක  Alexa Digital Assistant එකත් ඉන්නවා. මේ ගැනත් තොරතුරු ටිකක් මම ඉදිරි ලිපියකින් ඔයාලට කියන්නම්. මේ device එක ගැන කතා කලොත් මේක hands-free camera එකක් වගේම style assistant කෙනෙක්. ඒ කියන්නේ ඔයා හැම තිස්සෙම ඔයාගේ හොදම පෙනුමෙන් ඉන්න බවට මේ device එක වග බලා ගන්නවා. ඔයාගේ අනින් මෙයාට පුළුවන් ඔයාගේ full length pictures සහ වීඩියෝ ගන්න. ඒ නිසා ඔයාට පුළුවන් ඔයාගේ ඇදුම් මේක ඉස්සරහ ඇදල මොකාද හොදම කියල බලන්නත් social media වල ඒ පින්තූර share කරන්නත්.

ඒ වගේම මේ device එක නිසා ඔයාට පුළුවන් ඔයාට හොදටම ගැලපෙන ඇදුම ඔයාගේ phone එකෙන්ම තෝරලා ගන්නත්. මේ device එකට තියෙන්නේ depth-sensing camera එකක්. ඒ වගේම ඒ camera එකේ support එකට LED 4ක් මේ camera එක වටේට තියෙනවා. ඒ වගේම computer-vision based blur කිරීමේ හැකියාවත් මේ device එකට තියෙනවා. ඒ කියන්නේ මෙයාට පුලුවන් ඔයාගේ ෆොටෝ වල ඔයාව විතරක් focus කරලා ඉතුරු ටික blur කරලා දාන්න. එකෙන් ඔයාව highlight වෙනවා වගේම ඔයාගේ ඇදුමත් හොදට කපිල පේනවා.



මේකටම dedicate උන app එකක් තියෙනවා. එකෙන් ඔයාට ඔයාව realtime හැම angle එකකින්ම බලා ගන්නත් මේකේ තියෙන machine learning පහසුකම යෝදාගේම ඒ වෙලාවේම ඔයාට ගැලපෙනම ඇදුම විලාසිතා විශේෂඥයන්ගේ උපදෙස් අනුව තෝරලා දෙන්නත් මෙයාට පුළුවන්.

ඒ වගේම Alexa ට පුළුවන් ඔයාට හැම තිස්සෙම මොනාද හරි යන්නේ කියල පෙනල දෙන්න. දවසින් දවස් එයා බුද්ධිමත් වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවේම එයා අලුත් දේවල් ඉගෙන ගණන්ව. ඒ නිසා හරියට හරි යන නිවැරදිම තොරතුරු ඔයාට ලබා දෙන්න මෙයාට පුළුවන්.

මේකේ තියෙන built-in speaker  එක නිසා ඔයාට news, music හරි කාලගුණ වාර්තා හරි අහන්නත් පුළුවන්. ඒ වගේම overall එකක් විදිහට ගත්තොත් ඔයාට මේක app එකක් මාර්ගයෙන් ස්මාර්ට් home control device එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්.

ඉතින් මේ ගැන තවත් වැඩි විස්තරයක් දැන ගන්න පහල වීඩියෝව බලන්න. ඒ වගේම ඔයා මේ ගැන දන්නා දෙයක් හරි ඔයා මේ ගැන හිතන දේ හරි පහල comment section එකේ දාන්න. ඒ වගේම ඔයාට තවත් මොනා හරි දැන ගන්න කැමති නම් ඒ ගැනත් comment කරන්න.








No comments:

Post a Comment