අදහා ගත නොහැකි ලෙස කොණ්ඩය වැවෙන,කොණ්ඩය අඩු අය පාවිච්චි කළ යුතුම විශ්මිත කෝපි තෙල් සත්කාරයක් - SLViki

Latest

Wednesday, June 1, 2016

අදහා ගත නොහැකි ලෙස කොණ්ඩය වැවෙන,කොණ්ඩය අඩු අය පාවිච්චි කළ යුතුම විශ්මිත කෝපි තෙල් සත්කාරයක්



අදහා ගත නොහැකි ලෙස කොණ්ඩය වැවෙන,කොණ්ඩය අඩු අය පාවිච්චි කළ යුතුම විශ්මිත කෝපි තෙල් සත්කාරයක් ගෙදරදීම සාදා ගත හැක.
අවශ්‍ය ද්‍රව්‍ය :
  • කෝපි ඇට ග්‍රෑම් දෙසීයක්
  • එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් බෝතල් බාගයක්
සාදා ගන්නා ආකාරය: 
  • කෝපි ඇට ටික විනාඩි දහයක් කබලේ බැද ග්‍රයින්ඩරයක දමා හොදින් කුඩු කර ගන්න.
  • ඉහතින් දැක්වූ සියල්ල සූදානම් කරගන්න.පිරිසිදු පෑන් එකක් ගන්න.
  • එයට එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් බාගයක් දමන්න.
  • ඉන්පසු මදගින්නේ රත් කරන්න.
  • දැන් රත් වී ගෙන එද්දී එයට කුඩු කර ගත් කෝපි ටික දමන්න.
  • මද ගින්නේ විනාඩි 45ක් තෙල රත් කරගන්න.
  • තෙල් ටික තද කළු පැහැයට හැරෙන තුරු තෙල් ටික රත් කල යුතුය.
  • විනාඩි 45ට පසුව පිරිසිදු කපු රෙදි කැබැල්ලක් තබා තෙල් ටික පෙරාගන්න.
  • පිරිසිදු බෝතලයකට දමන්න.
පාවිච්චි කරන ආකාරය:
  • සෑම රැයකම නින්දට පෙර විනාඩි 20ක් හිස ඇගිලි තුඩු වලින් හොදින් මසාජ් කරන්න.මෙය කල යුතුමයි.
  • විනාඩි 20ක් මසාජ් කල පසුව කෝපි ඔයිල් ටිකක් අත්ලට ගෙන හොදින් හිස් කබලට දමා මසාජ් කරන්න.විනාඩි විස්සක් පමණ මසාජ් කල යුතුය.
  • අවසානයේ තවත් කෝපි ඔයිල් ටිකක් අත්ලට ගෙන හිස කෙස් මුල් වල තවරන්න.එය මසාජ් කරන්න එපා.
  • ඉන්පසු නින්දට යන්න.
  • පසුදා බේබි ෂැම්පු එකක් දමා හිස සෝදන්න.ගොඩක් වෙලා සෝදන්න එපා.
  • මේ සත්කාරය එක දිගට කරන්න.
ලැබෙන ප්‍රථිපල ඔබටම බලා ගන්න පුළුවන්.




No comments:

Post a Comment