ලස්සන වෙන්න – නිරුවතින් නිදාගන්න - SLViki

Latest

Wednesday, May 24, 2017

ලස්සන වෙන්න – නිරුවතින් නිදාගන්න


නින්ද කියන්නේ කාටත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම නින්ද කියන්නේ ඇඟට අත්‍යවශ්‍ය දෙයක්. නිවාඩුවත් විවේකයක් ලැබුන වෙලාවට ගොඩාක් දෙනෙක් කරන්නේ කණ පැලෙන්න නිදා ගන්න එක.මේ නින්ද ගැන කියද්දි නිරුවතින් නිදා ගන්න එක කාන්තවන්ට ගුණ දායකයි කියලා අළුත්ම සමීක්ෂණයකදී හෙළිවෙලා තියෙනවා. ඇමරිකාවේ Sleep Medicine වලට සම්බන්ධ ආයතනයක් තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ.

නින්දෙදි සාමාන්‍යයෙන් ශරීර උෂ්නත්වය පහල යනවා.ඒක සිදු වෙන්නේ නින්දෙදි විතරයි මේ නිසා තමයි නින්ද අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ.මේ නිසා ඒ ශරීර උෂ්ණත්වය පහළ යන්න පහසු වෙන්න තමයි නිදාගනිද්දි සැහැල්ලු ඇදුම් අඳින්නේ.

The Sex Drive Solution for Women ‍කියන පොතේ කතෘ Jennifer Landa කියන්නේ කාන්තාවන් විශේෂයෙන් දවස පුරා සිරුරට තද යට ඇඳුම් අඳින නිසා ශරීර උෂ්නත්වය පිටවීම නිසි පරිදි සිදුවෙන්නේ නෑ කියලයි. මේ නිසා විශේෂයෙන් කාන්තවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයට රාත්‍රියට වාතාශ්‍රය ලැබෙන්න ඕන බව ඇය කියනවා. දුහුල් ඇඳුම් ඇඳීමෙන් පවා ඒ වාතාශ්‍රය ලැබීම මදකට හෝ අවහිර විය හැකි බව Jennifer Landa වැඩිදුරටත් කියනවා. මේ නිසා යහපත් වාතාශ්‍රයක් ලබාදීම මඟින් කාන්තාවන්ට වැළඳෙන බොහෝ ලෙඩ රෝග වලින් අත්මිදෙන්න පුළුවන් කියල තමයි ඇය කියන්නේ. ඒ කියන්නේ නිරුවතින් නිදා ගන්න එක ඇඟට ගුණයි.

ඒ විතරක් නෙවෙයි නින්දෙදි හෝමෝන නිපදවෙනවා. අවස්තා දෙකක දී මේ හෝමෝන නිපදවීම සිදු වෙනවා. මේ අතරින් පළුම අවස්ථාවේදී දවසේ වැයවු හෝමෝන නැවති නිපදවීමක් සිදුවෙනවා. ‍එ වගේම දෙවන අවස්ථාවේදී ඒ හොමෝන සියල්ල පසු දිනයට සුදානම් කිරීමක් කෙරෙන බව ඇමරිකාවේ Sleep Medicine සම්බන්ධ ආයතනයේ පරීක්ෂන වලදී හෙලිවෙලා තියෙනවා.මේ හොමෝන නිපදවීමට රාත්‍රියේදී අඳින ඇදුම මගින් බලපෑම් සිදුවිය හැකි බව තමයි හොයාගෙන තියෙන්නේ.ඇතැම් වෙලාවට තරමක් රළු රාත්‍රි ඇඳුම් ඇඳීමෙන් මේ හෝමෝන නිපදවීමේ සහ සකස් කිරීමේ ක්‍රියාවලියට බාධා සිදු වෙනවා. මේ නිසා ඇඳුම් රහිතව නිදා ගැනීමේ මේ හෝමෝන ක්‍රියාවලිය පහසු කරවන බව මේ විශේෂඥයින් කියනවා.


මේ නිසා සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදුවෙලා, හෝමෝන නිපදවීම ක්‍රමවත් වෙනකොට සිරුර නිරෝගිමත් වෙනවා වගේම ලස්සන වෙන්න ඒක බෙහෙවින්ම බලපාන බව තමයි මේ සමීක්ෂකයින්ගේ අදහස වෙලා තියෙන්නේ.


No comments:

Post a Comment