නොපෙනී ඉන්න පුළුවන් කළුවර අඳුන ගැන අමුතුම කතාවක් මෙන්න - SLViki

Latest

Wednesday, May 24, 2017

නොපෙනී ඉන්න පුළුවන් කළුවර අඳුන ගැන අමුතුම කතාවක් මෙන්න






මොකක්ද මේ කළුවර අඳුන කියන්නේ? කළුවර අඳුන ගැන කියවෙන අමුතුමකතාවක් අද මේ ලිපියේ තියනවා.කියවලම බලන්න මේ දේවල් කොතෙක් දුරට ඇත්ත ද නැද්ද කියලා.

”නිර්වස්ත්‍රව ඉඳගෙන කළුවර අඳුන බෙහෙත් ටිකක් නළලේ මැද්දෙ ගෑවම නොපෙනී ඉන්න පුළුවන්”මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
මන්ත්‍ර ගුරුකම් ශාස්ත්‍රයේ තියෙනවා ඉතාමත් දරුණු අන්දමට දඬුවම් දෙන්න පුළුවන් ක්‍රම කිහිපයක්. ඉන් එකක් වෙන්නෙ ඉදිරෙට්ටු කියන එක. මේ ඉදිරෙට්ටු කියන මන්ත්‍ර පාවිච්චි කරන්නෙ ඉතාම නරක දෙයකට. ඒකට කියන්නෙ මිනිසුන්ට වින කරනවා කියලා. මේ විනය වෙන්නෙ මරණයට පත් කිරීම. මේ ගැන මන්ත්‍ර පොතේ මේ විදියට ලියලා තියෙනවා.
ගිනි සේ සත්තයි. පව් බලා කරනු. මිනිසුන් නොමරනු.මේ ඉදිරෙට්ටුවෙන් බුලත් කොළේට මතුරලා දෙන්න පුළුවන්. වැල වරකාවලට මතුරලා දෙන්න පුළුවන්. බොන බීඩියට, සිගරැට් එකට, සුරුට්ටුවට මතුරලා දෙන්න පුළුවන්. ඒක කෑවම, බීවම කැස්සක් හැදෙනවා. ඒක තමයි මරණීය කැස්ස. ඒ කැස්ස හැදුණාම කැහැලම මැරෙනවා. සත්තයි.
මේ ඉදිරෙට්ටුවේම තියෙනවා නාග ඉදිරෙට්ටුව කියලා මන්ත්‍රයක්. ඒ වගේ ඉදිරෙට්ටු දහඅටක් තියෙනවා. ඒ දහ අටෙන්ම වැඩියම භයානක නාග ඉදිරෙට්ටුව. ඒකෙ තියෙන්නෙ නයි විෂ.
නාග ඉදිරෙට්ටුව කියන්නෙ ඉරට්ටට මතුරලා ඇන්නහම නඟින්නෙ නයි විෂ. නයා නැතුව නයි විෂ නග්ගන්නෙ ඒ විදියට. ඒ ඇරුණම කාලි ඉදිරෙට්ටුව, දෙබර ඉදිරෙට්ටුව, කඩවර ඉදිරෙට්ටුව, ඉදිරෙට්ටු හත් කට්ටුව විදියට තවත් තියෙනවා.
මේ ඉදිරෙට්ටු දහ අටම දීලා තියෙන්නේ කෙළින්ම හතුරට පහර දෙන්න. මේ ඉදිරෙට්ටු අයහපත, මරණය පිණිසමයි. මේ ඉදිරෙට්ටු මන්ත්‍ර සියල්ල මම දන්නවා.
වැල වරකාවලට මතුරලා දුන්නොත් කන්නෙ වැල වරකා. නමුත් කැවෙන්නෙ වස. මේ ඉදිරෙට්ටු මන්තර කොච්චර භයානකද කියලා කිව්වොත් මේ මන්තර පාඩම් කරන්නෙ, කියවන්නෙ කොහොඹ කොළ ගුළියක් විකලා කටේ තියාගෙන. හේතුව කොහොඹ තිත්ත හින්දා. කෙළ ගිලෙන්නෙ නෑ. ගිලුණොත් තමන්ටම විසයි.

මේ ඉදිරෙට්ටු මන්තර කාල, දින, වකවානු නියම කරලා කරන්න පුළුවන්. ඒ කියන්නෙ සැට පැයට, දින තුනට, හතට වගේම මේ ඉදිරෙට්ටු මන්තරවල තියෙන විශේෂය මේකයි. තටු, පිදේනි මොනවත් ඕන නෑ. අතට ගත්ත ගමන් මතුරලා දෙන්න පුළුවන්. මේ ඉදිරෙට්ටුවෙ බලය කොහොමද කියලා බලන්නත් පුළුවන් මේ ක්‍රමයට.
සුදු හරකෙකුට ඉරට්ටෙන් අනින්න ඕන. හරකා නසී. අත්දුටුයි. සත්තයි.
අතීතේ සිටි ගුරුන්නාන්සේ මේ ඉදිරෙට්ටුව පාවිච්චි කළා. ඒ තමන්ගෙ සතුරගෙ පණ නැසීමට. ඒ වගේම කොඩිවිනවලදීත්. අද වගේ නොවෙයි. ඒ කාලෙ තරහ මරහා පිරිමැහුවෙ තනිකරම ගුරුකම්වලින්. ඒවාවලට නඩුත් නෑ, බඩුත් නෑ.
ඉදිරෙට්ටුව පාවිච්චි කරපු ආදි මුතුන් මිත්තො ඊළඟට කළේ කළුවර අඳුන ප්‍රයෝජනයට ගැනීම. මේ නම විශේෂිත නමක්. මේ අඳුන පාවිච්චි කරන්නෙ නොපෙනී යන්න.
මේක බෙහෙත් වර්ග එකසිය ගණනක් හොයාගෙන හරියටම කරන්න ඕන අඳුනක්. මේ බෙහෙත් වර්ගවලින් බෙහෙත් වර්ග තුනයි ලංකාවෙ නැත්තෙ. ඒ තුන් වර්ගය තියෙන්නේ හිමාල කඳුවැටියේ.
ඉදිරෙට්ටු මන්තරයක් ක්‍රියාත්මක කරලා මිනිහෙක් මරපු මන්ත්‍ර සාස්ත්‍රය දන්න කෙනෙක් තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් ඔක්කොම ගලවලා නිර්වස්ත්‍රව ඉඳගෙන කළුවර අඳුන බෙහෙතෙන් බෙහෙත් ටිකක් නළලෙ මැද්දෙ ගාපු ගමන් නොපෙනෙන්න පටන් ගන්නවා. නමුත් ඔහු එතන ඉන්නවා. ඔහුට හැමෝම පේනවා. නමුත් කාටවත් ඔහුව පේන්නෙ නෑ.
මේක බොහෝ වෙලාවට යොදාගන්නෙ නොපෙනී ඉන්න. පහරදීමකට පස්සෙ පලායන්න, එහෙමත් නැතිනම් නොපෙනී ඉන්න. හොරකම් වගේ දේවල් අල්ලන්න තමයි භාවිත කරන්නෙ. මේකෙ යන්ත්‍ර, මන්ත්‍ර සේරම තියෙනවා. දැනට නැති ඖෂධ හිමාලයෙන් හොයාගන්නත් පුළුවන්. එහෙම කරලා කළුවර අඳුන හදා ගන්නත් පුළුවන්. නමුත් ඒ කටයුත්ත හිතන තරම් ලෙහෙසි නැහැ. හොඳ ඉවසීම, වත් පිළිවෙත් රැකීම, කිලි නොවැදී සිටීම, මිනිස් ආශ්‍රයෙන් ඈත්ව සිටීම වගේ කරුණු ගොඩක් කළ යුතුව තිබෙනවා.
යන්ත්‍ර, මන්ත්‍ර කොටස් දෙකයි. එකක් යහපතට. අනික අයහපතට. මේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් හැමදාමත් තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නෙ මිනිසුන්ගේ හැසිරීම් රටාව උඩ. ඒක තමයි ගුරුකම් ශාස්ත්‍රයේ ඇත්ත.
මෙන්න මේ වීඩියෝව බලන්න.




No comments:

Post a Comment