දවස් 30න් බඩ බඩු අඩු කර ගෙන සිහින් උදරයකට හිමිකම් කියන්න මෙන්න මගක් - SLViki

Latest

Thursday, May 25, 2017

දවස් 30න් බඩ බඩු අඩු කර ගෙන සිහින් උදරයකට හිමිකම් කියන්න මෙන්න මගක්


බොහෝ දෙනෙක්ට මෙම උදරය ඉදිරියට නෙරා ඒම විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙහෙම උදරය ඉදිරියට නෙරා ඒමට හේතුව මේදය වැඩි වශයෙන් උදරයේ තැන්පත් වීමයි. ඉතින් මේ ප්‍රශ්නය නැති කර ගන්න ඔබට ව්‍යායාම වලින් හැකියාව ඇත. මේ සදහා කරන ව්‍යායාම බොහෝ ප්‍රමාණයක් තිබුනද ඒවායින් සාර්ථක ප්‍රථිපල පැමිණීමට බොහෝ කාලයක් ගත වෙනව. නමුත් ඊට වඩා ඉක්මන් ව්‍යායාම ක්‍රමයක් තමයි මේ "ප්ලාන්ක්" කියන ව්‍යායාම අකාරය.

මෙය ඉතාමත් හොද ව්‍යායාම ක්‍රමයක්. මෙමගින් ඔබගේ උදරයේ මේදය දහනය වෙනවා පමණක් නොව ඔබගේ පසුපස ප්‍රදේශයේ අත් වල සහ කකුල් වල මාන්ශපේශී ද ශක්තිමත් වී ඔබගේ සිරුර හැඩ කරයි.

මෙය කිරීම ඉතාමත් ලෙහෙසි යයි ඔබට සිතේ නමුත් ඇත්ත වශයෙන්ම මෙය ඉතාමත් අපහසු ව්‍යය්යම ක්‍රමයකි. ඔබ සිදු කල යුත්තේ බිම මුනින්  අතට දිගා වී සාමාන්‍ය පුෂ් අපස් නැතිනම් ඩ්ෆ්ස් කරන ආකාරයටම ශරීරය ඒක දිගටම පවත්වා ගැනීමයි. නමුත් මෙහි විශේෂත්වය ඔබ මෙම ඉරියව්වෙදී වැලමිට සහ පාද වල ඇගිලි තුඩු ආදාරයෙන් ශරීරයේ බර පාලනය කරගෙන සිටීමයි. මෙම ව්‍යායාමය සිදු කරන විට ශරීරයේ ඉහල ප්‍රදේශය සරල රේඛාවක් ආකාරයෙන් තිබිය යුතුය. වැලමිට දෙක සහ කකුලේ ඇගිලි වෙත අවදානය යොමු කරන්න. එවිට ඔබට ශරීරයේ සමතුලිත තාවය රැක ගැනීමටද හැකියාවක් ලැඛෙනු ඇත.

ඔබ නියමිත ඉරියව්වට පැමිණි පසු එම ඉරියව්ව දිගටම හැකි පමණ වීඅලාවක් රදවා තබා ගන්න. මෙම ව්‍යායාමය දෙන 30ක් පුරා සිදු කරන්න.

පළමුව තත්පර 20කින් ආරම්භ කර ඔබට හැකි පමණ වෙලා මෙම ඉරියව්වේම ශරීරය පවත්වා ගන්න.
දින 30 අවසානයේදී ඔබම ඔබගේ වෙනස අත්විදින්න. එවිට මෙය ප්‍රතිපලදායකද නැත්ද යයි ඔබටම තීරණය කල හැක.

පහත වීඩියෝවෙන් ඔබට මෙය සිදු කරන ආකාරය ගැන අවබෝදයක් ලබා ගත හැක.
මෙය යහළුවන්නත් බලන්න share කරන්න. 





No comments:

Post a Comment