බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස හෙලිවෙයි.... - SLViki

Latest

Wednesday, July 29, 2015

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස හෙලිවෙයි....



ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.බර්මියුඩා ත්‍රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා කරන වර්ග කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක. මේක මේ කාලෙ විතරක් නෙවේ අතීතයෙත් කුතුහලය ඇතිකරපු තැනක්.
එදා ඉදල ගොඩක් අය එක එක කතා කියනව, ඒත් හරියටම කියන්න බැරිවෙලයි තියෙන්නෙ, බර්මියුඩා ත්‍රිකෝනයේ වෙන දේවල් අරුම පුදුම වීමයි. 1945 ඉදල බර්මියුඩා ත්‍රිකෝනය තියන ප්‍රදේශයේ දී අතුරුදහන් වුනු දේවල් අතරට ගුවන් යානා 300ක්, නෟකාවන් 250 සහ මිනිස්සු දහස් ගනනක් වෙනව. හැවැයි පුදුම වැඩේ කියන්නෙ මේ අතුරුදහන් වුනු කිසිම දෙයක සුන්බුන් ටිකක්වත් හොයාගන්න බැරිවුනාලු, ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,
1945 දෙසැම්බර් 5 දින Flight 19 ගුවන් බලගණය අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම.‍
1948 ජනවාරි 29 දින Star Tiger ගුවන් යානය අතුරුදහන් වීම.
1963 අගෝස්තු 28 දින KC-135 වර්ගයේ ගුවන් යානා 2 ක් අතුරුදහන් වීම.  
1999 අප්‍රේල් 14 දින ටොන් 450Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම.
1999 ජූනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම.දක්වන්න පුළුවන්.


බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුන් නැවු, ගුවන් යානා අතුරුදහන් වෙන වෙලාව වෙනකම්ම ගොඩබිමත් එක්ක රේඩියො සම්බන්දතා පවත්වල තියනව. මෙසේ ඒ නැවියන්,ගුවන් නියමුවන් එවපු පනිවිඩ වලින් මේ ප්‍රශ්න වලට යම් ‍මතයක් ඉදිරිපත් කරන්න පුලුවන්ලු. 1995 වෙද්දි අතුරුදහන් වුනු ගුවන් යානා 1000කට වැඩිලු.එයින් 35%ක් ඒව හැම එකක්ම තම ගුවන් යානා කිට්ටුව අහසෙ තිබුනු යම් දෙයක් ගැන ගුවන් නියමුවන් කියල තියනව. 25%ක් විතර ගුවන් යානා පාලනයෙන් ගිලිහිලා කියල තියනව‍. අනික් ඒව එකපාරටම අතුරුදහන් වෙලා.


බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදහන් වුනු දේවල් අතර 1967දී අධිවේගී රේස් බොට්ටුවක් ‍කිට්ටුව වෙරලෙ හිටිය අය බලාගෙන ඉදිද්දිම අතුරුදහන් වෙලා තියනව. තව 1973 මාර්තුවල ටොන් 20,000ක් බර භාණ්ඩ පුවාහන නැවක්,1924 දි ජපාන නැවක්. ඊටත් වඩා පුදුම දෙයක් තමයි 1932දී නැවු දෙකක් අතුරුදහන් වෙලා පස්සෙ හොයාගෙන තියනව, ඒත් ඒවයෙ සේවය කරපු කෙනෙක්වත්. ගියපු මගියෙක්වත් හොයාගන්න බැරිවෙලා තියනව. පුදුම වැඩක් තමයි නේද?
බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස තවමත් නිසිආකාරව විසඳී නොතිබුණත් ඉන් පිටත සාගරයේ සිදුවන බොහෝ නෞකා අතුරුදන් වීම්වලට හේතුව අනාවරණය කරගන්නට ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් සරසවියේ ඩේවිඩ් මේ හා ජෝසප් මොනගන් විද්‍යාඥයන් දෙදෙනකුට හැකි වී තිබෙනවා.
ඩේවිඩ් මේ හා ජෝසප් මොනගන් නම් වූ මේ විද්‍යාඥයන් දෙදෙනා පවසන්නේ, මේ මුහුදු යාත‍්‍රා ගිලීයාම පිළිබඳව, මුහුදු පත්ලේ මේතේන් සංචිතව ඇති ප‍්‍රදේශ වගකිව යුතු බවයි.සාමාන්‍යයෙන් වගුරු හා පතල් වලින් නිකුත් වන මේතේන්, ගන්ධයක් රහිත වන අතර, එය පවතින්නේ වායුවක් ලෙසින්. එහෙත් ගැඹුරු සාගර පත්ලේ ඇති අධික පීඩනය හේතුවෙන් මේතේන් එකට කැටී වී, අයිස් වැනි ඝන මේතේන් තැන්පතු හට ගැනෙනවා.මේවා හඳුන්වන්නේ වායු හයිඩ්‍රේට ලෙසයි. මෙවැනි මේතේන් තැන්පතු එක්වරම පිපිරී විඝටනය වීම නිසා පිටවන වායු බුබුළු, සාගරය මතුපිටට පැමිණෙන විට දැවැන්ත වායු බුබුළු බවට පත් වී නෞකා ගිල්වා දමන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.බි‍්‍රතාන්‍යය හා යුරෝපා මහද්වීපය අතර උතුරු මුහුදේ මෙවැනි, මේතේන් අධිකව සංචිත ප‍්‍රදේශ හා පිපිරී යාම මගින් විශාල වායු බුබුළු නිකුත් විය හැකි ප‍්‍රදේශ රාශියක් ඇති බව දැනට සිදුකරන ලද සෝනාර් පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.මේතේන් අධිකව සංචිත වූ ප‍්‍රදේශයක සිදුවන පිපිරුම හා පිටවන වායු බුබුළුවල ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් කිසිවෙකු දැක නැහැ.
එසේ වුවත් එම කි‍්‍රයාවලියේ ආකෘතියක් ආශ‍්‍රයෙන්, මුහුදු යාත‍්‍රාවකට සිදුවිය හැකි හානිය පිළිබඳව සොයන්නටයි මොනගන් හා මේ උත්සාහ දැරුවේ. වීදුරු ජල තටාකවල පතුලේ සිට පැමිණෙන එක් අති විශාල වායු බුබුලක් මඟින් ජලය මත පාවෙන ආකෘති නෞකාවකට කුමක් සිදුවන්නේ ද යන්න වීඩියෝ කැමරාවක් ආධාරයෙන් සොයා බැලූ ඔවුනට වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගැනීමට හැකි වූවා.එනම් නෞකාව ගිලී යාම හෝ නොගිලී පැවතීම තීරණය වන්නේ, වායු බුබුලට සාපේක්‍ෂව නෞකාව පිහිටන ස්ථානය මත බව ඔවුන් දුටුවා. වායු බුබුලෙන් ඈත පිහිටි නෞකාවකට ආරක්‍ෂිතව ගමන් කළ හැකියි. එලෙසම වායු බුබුලට කෙලින්ම ඉහළින් ඇති නෞකාවකට ද ආරක්‍ෂිතව යාත‍්‍රා කළ හැකියි. තරංග ප‍්‍රවාහයක අචල පිහිටීම වන, එහි ඉහළම ලක්‍ෂයේ ඇති යාත‍්‍රාවක් රළ තරංග අතර නිම්නයකට වැටී ගිලී යාමට ඉඩක් නොමැතිවීම ඊට හේතුවයි.එහෙත් භයානකම ස්ථානය වන්නේ, වායු බුබුලේ ඉහළම පිහිටි අචල ලක්‍ෂය හා බුබුල නිසා ඉහළ නැඟි තරංගයේ නැග්ම ආරම්භ වන ස්ථානය අතර ප‍්‍රදේශයයි


එම ප‍්‍රදේශයේ පිහිටි යාත‍්‍රාවක් නිරුපද්‍රිතව පවතින්නේ බොහොම කලාතුරකින්. බොහෝ විට මේ ප‍්‍රදේශය තුළ යාත‍්‍රා කරන නෞකාවල අවසන් නැවතුම සාගර පතුලයි.සාමාන්‍යයෙන්, දැවැන්ත මේතේන් වායු බුබුලක් නිසා ගිලී යන නෞකාවක්, මුහුදු පතුලේ මේතේන් තැන්පතු පිපිරී ගිය ප‍්‍රදේශය තුළ රැඳෙන ස්ථානය මායාකාරියන්ගේ කුහරය” (Witches Hole) ලෙසයි අද හඳුන්වන්නේ. නොසිතූ මොහොතකදී, දහස් ගණන් ජීවිත රැගත් යාත‍්‍රාවන් මුහුදු පතුලට ඇදගෙන පත්ලේ සිරකර තබන ස්ථානයට ඒ නම මනාව ගැළපෙන බව විද්‍යාඥයෝ පවසනවා.තවද, යාත‍්‍රාවක් ගිලී යාමේ යාන්ත‍්‍රණය පැහැදිලි කිරීමටද මොනගන් හා මේ සමත් වී තිබෙනවා. මුහුදු යාත‍්‍රාවක් මෙවැනි වායු බුබුළු නිසා ගිලී යාමට ප‍්‍රධානම හේතුව වන්නේ, වායු බුබුළු සහිත මුහුදු ජලයේ ඝනත්වය අඩුවීම හේතුවෙන් යාත‍්‍රාව මත යෙදෙන උඩුකුරු තෙරපුම අඩුවීම බවයි ඔවුන් පවසන්නේ.මීට අමතරව ප‍්‍රදේශය තුළ මේතේන් සංචිතවල සුලබතාව, නෞකාව අවසානයේ මුහුදු පත්ලේ නවතින ස්ථානය හා මායාකාරියන්ගේ කුහරයතුළ එය පිහිටන ස්ථානය යන කරුණු ද මුහුදු යාත‍්‍රා ගිලී යාමේ යාන්ත‍්‍රණය පැහැදිලි කිරීමට උපකාරී වෙනවා.මීට ස්වල්ප කලකට පෙර මුහුදු පත්ලේ සැඟව තිබූ අදිසි බලවේගයක අභිරහස අතැඹුලක් සේ දැනගැනීමට නූතන විද්‍යාව අද සමත් වෙලා.එබැවින් උතුරු මුහුදේ දී යාත‍්‍රාවන් අතුරුදන් කරවන මුහුදු පත්ලේ අභිරහස, තවදුරටත් මිනිසාට රහසක් නොවන බවයි මේ හා මොනගන් පවසන්නේ.ඒ බව ඔබටත් දැන් වැටහෙනවා ඇති


විද්‍යාඥ්ඥයන් තවත් එක මතයක් පල කරනවා.ඔවුන් කියන්නේ ස්වභාවිකවම මෙම ප්රදේශයේ මීතේන් විදාරනය වනවා,ඒක නිසා ජලයේ ඝනත්වය අඩු වෙනවා කියලා.ජලයේ ඝනත්වය අඩුවන නිසා ගිලෙන නැවු කැඩෙන්නෙ නැතුව ගිලෙනවා.ඒක නිසා තෙල් කාන්දු වීම් වෙන්නේ නෑ.ඒක නැවු වලට ඇත්ත වෙන්න පුලුවන්,ඒ වුනාට ගුවන් යානා වලට?ඔවුන් කියන්නෙ නම් අධික මීතේන් ප්රමානයක් නිසා ගුවන් යානා වල එන්ජින් නතර වෙන්න පුලුවන් කියලා.හැබැයි ඒ අයම පිලිගන්නවා ඒක ඇසිල්ලකින් සිදුවන දෙයක් නෙමෙයි කියලා.අනික එහෙම කඩාගෙන වැටුනත් එක සැරේම රේඩාර් පද්ධතියෙන් අයින් වෙන්නේ කොහොමද? තවමත් බර්මියුඩා ත්‍රිකෝණය තුළ සිදුවෙමින් පවතින මෙම සිදුවීම් ලෝකයට රහසක් වෙයි ද?





3 comments: